අද එළියට එන බිත්තර සහතිකය
Sri Lanka
Ministry of Health Sri Lanka
By Sewvandhi
අද (13) දින පසුගියදා මෙරටට ආනයනය කළ බිත්තර තොගයේ සෞඛ්‍ය සහතික වාර්තාව නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.
එනම්, තවත් බිත්තර මිලියනයක තොගයක් පසුගියදා මෙරටට අනයනය කළ අතර ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබුණි.
සෞඛ්‍යය දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා දින අදාළ බිත්තර තොගයේ සාම්පල ලබාගෙන තිබූ අතර ඊයේ දිනය වනතෙක් ඒවා වරායෙන් නිදහස් කරගැනීම සඳහා සෞඛ්‍ය සහතිකය නිකුත් කර නොමැත.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පැවසුවේ එම බිත්තර තොගයේ සෞඛ්‍ය සහතිකය අද නිකුත් කිරීමට කටයුතු කරන බවය.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |