ක්‍රිකට් බෝඩ් එක තේරීම් කමිටුව පන්නලා දාලා..

Cricket Indian Cricket Team
By krishani Nov 19, 2022 01:27 AM GMT
Report

චේතන් ෂර්මාගේ මූලිකත්වයෙන් යුත් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන ඇත.

ඒ අනුව තේරීම් කමිටුව සඳහා පුරප්පාඩු වූ තනතුරු වෙනුවෙන් මේවන විට අයදුම්පත් කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ජාතික තේරීම් කමිටුව සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්, අවම වශයෙන් ටෙස්ට් තරඟ 7ක්, පළමු පෙළ තරඟ 30ක් හෝ එක්දින තරඟ 10ක් සහ පළමු පෙළ තරඟ 20ක් ක්‍රීඩා කර තිබිය යුතුය.

ඉන්දියාව පසුගියදා අවසන් වූ T20 ලෝක කුසලානයෙන් ඉවත්වීමත් සමඟ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය චේතන් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සමස්ත ඉන්දීය තේරීම් කමිටුව ඉවත් කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join