ඉන්දීය හමුදාව ලංකාවට එවීම ගැන විශේෂ දැනුම් දීමක්..(PHOTOS)

Sri Lanka Army Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka India
By Aruna Jul 10, 2022 11:41 PM GMT
Report

ඉන්දියාව සිය හමුදා ශ්‍රී ලංකාවට එවීම පිළිබඳ මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල අංශවල සමපේක්ෂන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය මගින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව කියා සිටියා.

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ පළ වන වාර්තා අසත්‍ය බව පවසමින් ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ, පළවන වාර්තා සහ අදහස් ඉන්දීය රජයේ ස්ථාවරයට නො ගැළපෙන බවයි.

තව ද, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයාගේ, ප්‍රකාශයක් පැහැදිලි කරමින් මහ කොමසාරිස් කාර්‍යාලය නිවේදනය කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම සහ සාරධර්ම සහ ව්‍යවස්ථාමය රාමුව හරහා සමෘද්ධිය සහ ප්‍රගතිය අපේක්ෂා කරන ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඉන්දියාව නිරන්තරව රැඳී සිටින බවයි.

කෙසේ නමුත්, ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඉන්දීය රජයට යෝජනා කර සිටියේ, ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍යය නම්, ඉන්දීය හමුදාව පිටත් කර යැවීමට තමා ඉන්දීය රජයට යෝජනා කරන බවයි.

(ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් නිකුත් කළ ට්විටර් පණිවිඩය පහතින්)

මේ අතර ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පවුලට සහය දැක්වීම සඳහා ඉන්දීය හමුදාව අවශ්‍යය නම්, ඉන්දීය හමුදාව පිටත් කර යැවීමට ඉන්දීය භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක, හිටපු අමාත්‍ය සුබ්‍රමනියන් ස්වාමි යෝජනා කර තිබෙනවා.

ඔහු ඒ බව කියා සිටින්නේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

ඔහු එමගින් ප්‍රකාශකර ඇත්තේ රාජපක්ෂවරුන්ට ඉන්දීය හමුදා සහය අවශ්‍ය නම් ඉන්දියාව එය ලබාදිය යුතු බවයි.

අදාළ ට්විටර් පණිවිඩය මගින් ඔහු විමසා සිටියේ, “ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ යන දෙදෙනා ම නිදහස් මැතිවරණයකින් වැඩි බහුතරයකින් තේරී පත් වූ අය බැවින්, එවැනි නීත්‍යානුකූල මැතිවරණයකින් පත් වූ ආණ්ඩුවක් මැර පිරිසක් විසින් පෙරළා දැමීමට ඉන්දියාව ඉඩ දෙන්නේ කෙසේ ද?යනුවෙන්.

තව ද, "අපේ අසල්වැසි කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක් ආරක්ෂිත තත්ත්වයක පසු වන්නේ නැත" යනුවෙන් ද ඔහු එම පණිවිඩයේ සඳහන් කොට තිබුණා.

(සුබ්‍රමනියන් ස්වාමිගේ ට්විටර් පණිවිඩය පහතින්)


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery