මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ජාලය සම්බන්ධයෙන් ඉන්දියාව ගත් තීරණය..

Sri Lanka India
By krishani Jul 22, 2022 08:11 AM GMT
Report

ශ්‍රී ලංකාව දක්වා මත්ද්‍රව්‍ය රැගෙන යන ජාලය අඩාල කිරීමට ඉන්දීය ආරක්ෂක අංශ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටියි.

දැනට ඉන්දියාවේ සිටින මත්ජාවාරම්කරුවන් වන පූකුඩු කන්නා සහ කිඹුලාඇලේ ගුණාගේ කණ්ඩායම් සහ හිටපු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දෙන බවට ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් සැක කරයි.

ඉන්දියාවේ ජාතික විමර්ශන අංශයේ නිලධාරීන් මේ වනවිට තමිල්නාඩුවේ ස්ථාන 22ක විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.