ඉන්දියාව සීරුවෙන්...ලංකාවත් බරපතල අනතුරක ද?..

Sri Lanka India Israel Iran
By Aruna Apr 16, 2024 01:22 AM GMT
Report

ඊශ්‍රායලය සහ ඉරානය අතර උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය සහ මැදපෙරදිග පවතින යුද උණුසුම සම්බන්ධයෙන් ඉන්දීය රජයේ දැඩි අවධානය යොමුව තිබෙන බව වාර්තා වනවා.

ඒ අතරින් ඊශ්‍රායලයේ රැඳී සිටින ඉන්දීය වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය රජය දැඩි විමසිල්ලෙන් පසුවන බවයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පවතින තත්ත්වය හමුවේ ඊශ්‍රායලයේ ඉන්දියානු තානාපති කාර්යාලය එරට සිටින ඉන්දියානු පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ සන්සුන්ව සිටින ලෙසත් පළාත් පාලන ආයතන විසින් නිකුත් කරන ලද ආරක්ෂක උපදෙස්වලට අනුකූල වන ලෙසත් උපදේශනයක් නිකුත් කර තිබේ.

ඉන්දීය තනාපති කාර්යාලය පවසන්නේ, ඊශ්‍රායලය තුළ පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින අතර ඊශ්‍රායල බලධාරීන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධ වී සිටින බවයි.