ඉන්දියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ..

India
By Aruna Jul 22, 2024 07:03 AM GMT
Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පවසනවා.

ඒ 14 හැවිරිදි පිරිමි ළමයෙකු නිපා වෛරසයෙන් මිය යාමත් සමඟ බවයි වාර්තා වන්නේ.

කේරළ ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් රෝගය වැළඳීමේ වැඩි අවදානම් කාණ්ඩයට අයත් පුද්ගලයින් 60 දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති බවයි පැවසෙන්නේ.

රෝගී වූ දරුවා සමඟ සම්බන්ධ වූවන් හුදකලා කර පරීක්ෂාවට ලක් කර ඇති බවයි, ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා ඇත්තේ.

මේ අනුව, පොදු ස්ථානවල මුව ආවරණ පැළඳීම සහ රෝහල් ගත කරන පුද්ගලයින් බැලීමට යාමෙන් වැළකී සිටීම වැනි පූර්වාරක්ෂාවන් ගන්නා ලෙස ප්‍රදේශයේ ජනතාව77ට උපදෙස් දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව නිපා වෛරස් ආසාදනය ඌරන් සහ පළතුරු වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වෙයි.

එය දූෂිත ආහාර හරහා සහ ආසාදිත පුද්ගලයෙකු සමඟ සම්බන්ධ වීමෙන් ද සම්ප්‍රේෂණය විය හැකි බවයි වාර්තා වන්නේ.

එයට වසංග6තයක් ඇති කිරීමට ඇති හැකියාව නිසා, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිපා වෛරසය ප්‍රමුඛතා රෝග කාරකයක් ලෙස විස්තර කර ඇත.