මගුල් ගෙදරකින් කෑම කාපු 130 ක් රෝහලේ..

India
By Sithumi May 19, 2023 12:56 PM GMT
Report

ඉන්දියාවේ මලප්පුරම් ප්‍රදේශයේ පැවති විවාහ උත්සවයකදී ආහාර විෂවීමක් හේතුවෙන් පුද්ගලයන් 130 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

එරට සෞඛ්‍ය නිලධාරීන් අද (19) ප්‍රකාශ කළේ එම පිරිස මලප්පුරම් දිස්ත්‍රික්කයේ විවිධ රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.

කෙසේ වෙතත් රෝහල්ගත කළ ඇතැම් පුද්ගලයින්ගේ තත්ත්වය අසාධ්‍ය බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

මෙලෙස රෝගී වී ඇත්තේ මනාලයාගේ පවුලේ අය විසින් සංවිධානය කරන ලද පිළිගැනීමේ උත්සවයේදී ආහාර ගත් පිරිසකුයි.

ඔවුන්ට උණ, පාචනය සහ වමනය වැනි ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ මතු වී තිබෙනවා



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join now