ඉන්දියාවේ වන්දනා ගමනකදී හමුවූ අරුම පුදුම දේ මෙන්න.

Sri Lanka
By Aruna Jan 10, 2023 05:20 AM GMT
Report

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි සබ්රිමලේ කෝවිල වන්දනා කිරීමට යන නඩයක සිටි අයකු සතුව පාර්සලයක් තුළ තිබී ටී 56 ස්වයංක්‍රීය ගිනිඅවිවලට යොදන උණ්ඩයක් තිබී ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් සොයා ගැනීමෙන් පසු එම පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානය වෙත බාරදුන් බව ගුවන් තොටුපළේ උසස් නිලධාරියෙක් ප්‍රධාන පුවත්පතකට පවසා තිබේ.

මෙම සැකකරු හැටන් ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙකි.

මොහු ඇතුළු තිස් දෙනකුගෙන් සමන්විත වන්දනා නඩයක් කේරළ ප්‍රාන්තයේ පිහිටි මෙම දේවාලය වන්දනා කිරීමට යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මේ අය අතරින් විසිදෙනකු සතුව කිලෝ 30 බැගින් අබිලි යකඩ අඩංගු පාර්සල් තිබූ බව පොලිසිය සඳහන් කරයි.

වත්තල ප්‍රදේශයේ පිහිටි අබිලි යකඩ අලෙවිකරණ ස්ථානයකින් මේවා ඉන්දියාවට රැගෙන ගොස් විකිණීමට මිලදී ගත් බව එම පිරිස පොලිසියට පවසා ඇතැයි කියති.

ටී 56 උණ්ඩය තිබී ඇත්තේ මෙසේ එක් අබිලි යකඩ ද්‍රව්‍ය පාර්සලයක් ළඟ තබාගෙන සිටි අයකු සතුව තිබූ එම පාර්සලයේ යැයි පොලිසිය පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now