නිදහස් දිනයට විරෝධය - ශෝක දිනයක් ලෙස සලකන මෙන් ඉල්ලීමක්..

Jaffna Sri Lanka
By krishani Feb 04, 2023 04:30 AM GMT
Report

අද ජාතික නිදහස් දිනයට විරෝධය පල කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන කොඩි ගසේ හා ඒ අවට ස්ථාන කීපයක කලු කොඩි ඔසවා ඇත.

යාපනය විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය සංගමය උතුරු නැගෙනහිර පළාත් දෙකේ සියලු කඩ සාප්පු වසා දමා ශෝක දිනයක් ලෙස සලකන ලෙස ඉල්ලා ඇත.

එමෙන්ම අද (04) දින පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බවට ද නිවේදනයක් නිකුත් කොට තිබෙන අතර යාපනයේ සිට මඩකලපුව දක්වා විරෝධතා පාගමනක් යාපනය විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join