අද සිට ආහාර වර්ග රැසක මිල ගණන් ඉහළ දමයි..එම ආහාර වර්ග සහ නව මිල ගණන් මෙන්න..

Sri Lanka Businessman
By Aruna Mar 03, 2024 05:05 AM GMT
Report

නිෂ්පාදන වියදම් ඉහළයාම නිසා, ආපනශාලාවල ආහාර මිල අද සිට ඉහළ දමන බව සමස්ථ ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය විසින් දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ප්ලේන්ටියක් රුපියල් 5 කින් සහ කිරි තේ කෝප්පයක් රුපියල් 10කින් ඉහළ දමන බවයි, එහි සභාපති හර්ෂන රුක්ෂාන් මහතා සදහන් කළේ.

මීට අමතරව බත් පාර්සලයක් රුපියල් 25කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රුපියල් 50 කින් මෙන්ම කෙටි ආහාර මිල ද රුපියල් 10 කින් අද සිට ඉහළ දැමෙනු ලබයි.