දැනට පවතින ඉන්ධන කෝටාව හදිසියේම ඉහළ දමයි.

Fuel Price In Sri Lanka Sri Lanka National Fuel Pass
By Wayomi Apr 04, 2023 11:07 AM GMT
Report

අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දැනට පවතින ඉන්ධන කෝටාව ඉහළ දමා තිබෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරනවා.

ඒ අනුව එම තීරණය අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

උත්සව සමයේ වැඩිවන අවශ්‍යතාවය අනුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවශ්‍ය ඉන්ධන තොග ඇණවුම් කර ලබාගෙන ඇති බැවින් අපහසුතාවයකින් තොරව එම තීරණය ක්‍රියාත්මක කළ හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනේ.

නව කෝටාවන්,

ත්‍රිරෝද කෝටාව ලීටර් 5 සිට 8 දක්වා ද,

යතුරුපැදි ලීටර් 4 සිට 7 දක්වා ද

, බස් රථ ලීටර් 20 සිට 60 දක්වා ද,

මෝටර් රථ ලීටර් 20 සිට 30 දක්වා ද,

ගොඩබිම් වාහන ලීටර් 15 සිට 25 දක්වා ද,

ලොරි ලීටර් 50 සිට 75 දක්වා ද,

හතරැස් බයිසිකලය ලීටර් 4 දක්වා ද 6L දක්වා,

විශේෂ කාර්ය වාහන 20L සිට 30L දක්වා සහ වෑන් රථ 20L සිට 30L දක්වා.