අලුත් අවුරුදු සමයේ ඉහළ ගිය අධිවේගී මාර්ගයේ ආදායම.

Highways In Sri Lanka
By Gagana Apr 15, 2024 04:53 AM GMT
Report

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලසීමාවේ දී රුපියල් කෝටි 15 ඉක්මවූ ආදායමක් අධිවේගී මාර්ගවලින් ලැබී තිබේ.

පසුගිය 10 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලසීමාවේ අධිවේගී මාර්ගවලින් රුපියල් පහලොස් කෝටි අනූ අට ලක්ෂ දෙදහස් නවසිය පනහක ආදායමක් ලබා ඇති බව , අධිවේගී මාර්ග මෙහෙයුම් සහ නඩත්තු ඒකකයේ අධ්‍යක්ෂ R .I .D .කහටපිටිය මහතා පැවසුවේ ය.

එම මහතා පැවසුවේ මෙම කාලසීමාවේදී රථවාහන හතලිස් තුන් ලක්ෂ පන් දහස් පනස් එකක් අධිවේගී මාර්ගවල ධාවනය කර ඇති බව ය.

දෙකෝටි හතලිස් හය ලක්ෂ හැත්තෑ හය දහස් හාරසීයක ආදායමක් 13 වැනි සෙනසුරාදා අධිවේගී මාර්ගවලින් ලබා ඇත.