ආදායම් බදු ගෙවීම හදිසියේම අත්හිටුවයි.. එම පිරිස මෙන්න..

Sri Lanka
By Aruna Jan 10, 2023 03:09 AM GMT
Report

මේ මාසයේ සිට ක‍්‍රියාත්මක උපයනවිට බද්ද රාජ්‍ය ආයතනවලින් ගෙවීම නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාල චක්‍රලේඛය ලබන සතියේ දී නිකුත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ.

ඇතැම් අර්ධ රාජ්‍ය ආයතන විසින් එම බද්ද ආයතනය මගින් ගෙවීමට කටයුතු කිරීම වැරදි ක්‍රමවේදයක් බව ද සියඹලාපිටිය මහතා වැඩිසුරටත් පෙන්වා දේ.

ඒ අනුව උපයනවිට බද්ද ඒ ඒ පුද්ගලයන් පුද්ගලිකව ගෙවිය යුතු බවට ඇමතිවරයා තව දුරටත් සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now