භාණ්ඩ වර්ග විශාල ප්‍රමාණයක ආනයනය අත්හිටුවයි..යළි මිල ඉහළ යයි?.එම ලැයිස්තුව මෙන්න..

Sri Lanka
By Aruna Jan 06, 2023 12:27 AM GMT
Report

තවත් භාණ්ඩ වර්ග කිහිපයක ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ 2023 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක ආනයන අපනයන පාලන රෙගුලාසි ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

පේර, අඹ, පැණි කොමඩු, අලිගැටපේර, ස්ටෝබරි ඇතුළු පලතුරු වර්ග කිහිපයක්

බිම්මල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන

පපඩම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන

දුඹුරු නිවුඩු සහල් කුරක්කන් ඇතුළු ඒ ආශ්‍රිත නිෂ්පාදන

රට ඉඳි, කජු, සෝයා බෝචි හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන

පොල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන

ෂැම්පු, කොන්ඩා ආලේපන හා වර්ණක, පවුඩර්, තොල් ආලේපන, ඇස් ආලේපන, සුවඳ විලවුන් ආදිය ද

ඇඳුම්, අත් ඔරලෝසු, පාවහන්, ලෙදර් සහ රබර් ආශ්‍රිත නිශ්පාදන

සෙරමික් සහ මුළුතැන්ගේ උපකරණ ද කිහිපයක්

අදාල සම්පුර්ණ ලයිස්තුව මෙතනින් දැනගන්න ?


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now