කලකට පසු මෙරට ආනයන වියදම සහ අපනයන ආදායම සමාන වෙයි.

Sri Lanka Government Of Sri Lanka
By Wayomi Apr 01, 2023 05:41 AM GMT
Report

 මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ඉකුත් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී ඇති අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 1ක්. එම මාසයේ ආනයන වියදමද ඩොලර් බිලියන 1ක්.

මීට පෙර බොහෝ අවස්ථාවලදී දැකගත හැකි වූයේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් ඉහළ ගොස් තිබූ අයුරුයි.

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී අපනයන ආදායම ලෙස අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් ලැබෙද්දී ආනයන සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 1. 9ක් වැය කර තිබුණා.

සමස්තයක් ලෙස ගත්කළ මේ වසරේ පළමු මාස දෙකේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2ක්. එහෙත් ආනයන වියදම අමෙරිකානු ඩොලර් බිලියන 2.4ක්.

කෙසේ වෙතත් ඉකුත් වසරට සාපේක්ෂව එය සැලකිය යුතු පහළ යාමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකු දත්තවල දැක්වෙන්නේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW