දෝෂාභියෝගයකින් ජනපති ඉවත් කරන්නේ කොහොමද?
දෝෂාභියෝගය කියන්නේ පවතින පාලන ව්‍යුහයේ යම් අර්බුදකාරී අවස්ථාවක විධායකය යම් වරදක් කළහොත් එය පාලනයකට නතු කර ගැනීමට යොදා ගැනෙන එක් උපක්‍රමයක්. මෙහි විශේෂත්වය වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය වෙත එල්ල කරන දෝෂාභියෝගය තුළින් විධායකයේ ප්‍රධානියා එනම් (ජනපති/ අගමැති) ඉවත් කිරීමට ඔවුන් සිදු කළ නීතිමය වැරදි, දූෂණ වංචා පදනම් කරගැනීමයි.
විධායකයේ ප්‍රධානියා ඉවත් කිරීම ආයතනික සැලසුමක් නොවන අවස්ථාවක, එවන් ජනාධිපති ක්‍රමයන්හි දී ක්‍රියාවට නංවන්නේ දෝෂාභියෝගයයි. ලෝකයේ පවතින ඇතැම් ව්‍යවස්ථාවන්ට අනුව දෝෂාභියෝගයක් ගෙන ආ හැක්කේ දේශද්‍රෝහී වීම වැනි බරපතල වරදකාරී අවස්ථාවක පමණයි.
තවත් බොහෝ රටවල සිය ව්‍යවස්ථාවලදී අදාළ විධායක ප්‍රධානියා තම ධූර කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම, ජනාධිපති ධූරයට නොගැළපෙන පරිදි හැසිරීම වැනි අවස්ථා වුව ද දෝෂාභියෝගයකට යාමට ප්‍රමාණවත්. විශේෂයෙන්ම මේ තත්ත්වය දකින්න ලැබෙන්නේ, සමූහාණ්ඩු රාජ්‍යයන් තුළයි.
ලංකාවේ මුලින්ම දෝෂාභියෝගයකට ඉඩ විවිර වුණේ 1978 ව්‍යවස්ථාව මගින්. ඒ, ජේ. ආර්. ජයවර්ධන ඒකාධිපති වියරුවෙන් 5/6ක බලය ලබාගත්තාට පසුවයි. ඔහු තමන්ට අවශ්‍ය පරිදි ව්‍යවස්ථාව වෙනස් කරගත්තා. ඒඅනුව ඔහු තමන්ට අවශ්‍ය පරිදි අධිකරණය පාලනය කිරීම සඳහා 107 වෙනි වගන්තිය ඇතුල් කළා. එමඟින් දුබලතාවයක් හෝ විෂමතාවයක් පැහැදිලි ලෙස ඔප්පු කරනු ලැබූවොත් දෝෂාභියෝගයකට ලක්කළ හැකියි කියලා.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෝෂාභියෝගයකට යන්නේ කොහොමද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කතානායක කාරයාට යෝජනාවක් ගැන දැනුම් දීමක් කළ යුතුයි. ජනාධිපතිවරයාට තම රාජකාරිය ඉටු කිරීමට ස්ථිර හැකියාවක් නොමැති බවට එමගින් චෝදනා එල්ල වනු ඇති.
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ක බහුතරයක් විසින් මෙම දැන්වීම් අත්සන් කර ඇති නම් හෝ ඒ අත්සන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 1/2 ක් පමණක් වන අතර එම චෝදනාවට ග්‍රේෂ්ඨාධිකරණය පරීක්ෂණයක් අවශ්‍ය බව කතානායකවරයා සෑහීමට පත් වේ නම්. කතානායකවරයා විසින් මන්ත්‍රීවරුන්ගෙන් දෝෂාභියෝගය පිළිබඳ ඡන්දය විමසනු ලබනවා.
- එම යෝජනාව පාර්ලිමේන්තුවේ 2/3 වැඩි ඡන්දයෙන් සම්මත වුවහොත් දෝෂාභියෝග යන චෝදනා විමර්ශනයක් සඳහා ශේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරෙනවා.
- ජනාධිපති වරයාගේ වගකීම් ඉටු කිරීමට ජනාධිපතිවරයාට ස්ථිර හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කළහොත්, පාර්ලිමේන්තුව නැවත ඡන්දය ප්‍රකාශ කර ජනාධිපතිවරයා ඉවත් කරනු ලබයි.