IMF මුදල් නිසා මෙරට පොලී අනුපාත පහළ යයි - මහ බැංකු අධිපති

By Sithumi Mar 23, 2023 03:51 PM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ ණය පහසුකම ඉදිරියේදී මෙරට පොලී අනුපාත පහළ යෑමට ඉවහල් වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු පෙන්වා දුන්නේ මෙම ණය පහසුකම නොලැබුණේ නම් රජයට වැඩි පොලියට අරමුදල් සපයාගැනීමට සිදුවන බවයි.

තෙවන හෝ සිව්වන කාර්තුව වනවිට මෙරට උද්ධමනය තනි අගයකට ළගා කරගැනීමට හැකියාව පවතින බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.