අදත් IMF විශේෂ විවාදය ඇරඹෙයි..සජීවී විකාශනය මෙතනින් නරඹන්න.(LIVE)

Parliament of Sri Lanka Sri Lanka Parliament Dinesh Gunawardena
By Aruna Apr 27, 2023 04:15 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වූ සැකසුම ක්‍රියාත්මක කිරීම සඳහා වූ යෝජනාව පිළිබඳ විවාදයේ දෙවෙනි දිනය ආරම්භ වී තිබෙනවා.

එය හෙට දිනයේත් පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මෙරට ආර්ථිකයේ කඩිනම් ප්‍රගතියක් අත්කරගැනීම සඳහා ලක් රජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹි අරමුදල් පහසුකමට අදාළ සැකසුම මාර්තු 22 වනදා සභාගත කරනු ලැබුවා.

දින තුනක් පුරා පැවැත්වෙන විවාදයෙන් අනතුරුව අවශ්‍ය නම් ඡන්ද විමසීමක්ද පැවැත්වීම සිදුවනු ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අනුව අද පාර්ලිමේන්තුවේ සජීවී විකාශනය  පහතින්,


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now