IMF වෙතින් මෙරට ආර්ථිකය ගැන විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka IMF Sri Lanka
By Sithumi May 15, 2023 12:51 PM GMT
Report

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද පුරෝකථනයක් සිදුකර තිබෙනවා 2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 3%කින් පමණ හැකිලෙනු ඇති බව ඔවුන් පැවසු අතර නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසුවා IMF නියෝජිතයින් එක්ව අද කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීයි ඔහු මේ බව පැවසුවේ.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය පිළිබඳව සැප්තැම්බර් මාසයට ප්‍රථමයෙන් සම්පූර්ණ කළ හැකි බවයි ඔහු තවදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකාවට ලබාදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයද සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now