චීන ණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට IMF වෙතින් සුවිශේෂී උපදෙසක් - IMF චීන ණයෙන් ලංකාව ගොඩගනීද..?
ශ්‍රී ලංකාව චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා වහාම ආරම්භ කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4.5 ක මූල්‍ය ණයක් අපේක්ෂා කරන අතරවාරයේයි.
"චීනය ශ්‍රී ලංකාවේ විශාල ණය හිමියෙකු වන අතර ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඔවුන් සමඟ ක්‍රියාශීලීව සම්බන්ධ විය යුතුය, එමෙන්ම ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ පුද්ගලික ද්විපාර්ශ්වික ණය ව්‍යායාමයක නිරත විය යුතුය,"
" ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් ඊයේ (26) රොයිටර් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ (IFF) දත්ත වලට අනුව සංවර්ධන බැංකු ණය සහ මහ බැංකු හුවමාරුව ඇතුළුව මූල්‍යකරණ පහසුකම් සඳහා ශ්‍රී ලංකාව චීනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.5 කට අධික ණය මුදලක් ලබාගෙන තිබෙනවා.
ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය හිමි චීනය ශ්‍රී ලංකාව තුල මහාමාර්ග, වරාය, ගුවන් තොටුපළ, ගල් අඟුරු බලාගාරය වැනි ව්‍යාපෘති සඳහා ආයෝජනය කර ඇති අතර ශ්‍රී ලංකාවට ණය දෙන්නන් අතරින් වැඩිම ආයෝජනයක් සිදුකර ඇති රට වන්නේ ද චීනයයි. මීට අමතරව ජපානය සහ ඉන්දියාව ද ශ්‍රී ලංකාවට ණය ආධාර ලබාදී තිබුණද, එය සාපේක්ෂව ගත් කල චීනයේ මැදිහත්වීම් තරම් විශාල සහ බරපතල තත්ත්වයේ නැහැ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රොයිටර් සිදුකළ අදහස් විමසීමකට ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සහ මහ බැංකුව ප්‍රතිචාර නොදැක්වූ බවත් එම වාර්තාවෙ සඳහන්. එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ද දක්වා ඇත්තේ නිහඬ ප්‍රතිචාරයකුයි. මේ වසර මුලදී ඇමරිකානු ඩොලර් බිලියන 12 ක් විදේශ ණය ගෙවීම් අත්හිටවූ ශ්‍රී ලංකාව 1948 නිදහසින් පසු එහි දරුණුතම ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයෙන් ගලවා ගැනීමේ සැලැස්මක් ඉල්ලා තිබෙනවා. "
මේ සම්බන්ධයෙන් අප තව දුරටත් ප්‍රගතියක් ලබා ගත යුතු ක්ෂේත්‍ර කිහිපයක් තිබෙන බව පැවසූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා, ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකාව ලබා ගත යුතු ඉහළම ප්‍රතිසංස්කරණ හෙලි කිරීමෙන් වැලකී සිටියා. එහිදී ශ්‍රීනිවාසන් පැවසුවේ මූල්‍ය අරමුදල
“සමාජයේ දුප්පත් හා අවදානමට ලක්විය හැකි අයට වන බලපෑම අවම කිරීම සඳහා වැඩිපුර වියදම් කරන ලෙසත්, වෙනත් අනවශ්‍ය වියදම් අඩු කිරීමෙන් සහ ආදායම් ඉහළ නැංවීමෙන් අයවැය මධ්‍යස්ථව තබා ගන්නා ලෙසත්” ණය ගන්නා රටවලට නිරන්තරයෙන් උපදෙස් දෙන බවයි. “එය හුදෙක් රාජ්‍ය ණය සඳහා පමණක් නොව ආයතනික සහ කුඩා ප්‍රමාණයේ ණයා ගන්නා පුද්ගලයින්ට පවා අදාල වන සදාතනික සත්‍යයක් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |