ලබන මාසෙත් IMF ණය නැද්ද..?ලංකාවට චීනයේ සහය අහිමිවෙයිද..?

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Feb 16, 2023 10:41 AM GMT
Report

ණය අත්හිටුවීම සහ ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව පැරිස් සමාජයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව චීනය තවමත් ශ්‍රී ලංකාවට සහාය දක්වා නොමැති නිසා ලබන මස පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු රැස්වීමේදී ද මෙරට බලාපොරොත්තු කඩ වීමට අවස්ථාවක් තිබෙන බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත් පෙන්වා දී තිබේ.

ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීමට ශ්‍රී ලංකාවට දීර්ඝ කාලයක් ගත කළ නොහැකි බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත සඳහන් කර ඇත.ශ්‍රී ලංකාව, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් වසර 4 ක කාලය තුළ වාරික 8 කින් අපේක්ෂා කරන බව එම පුවත්පත පෙන්වා දී තිබේ. 

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසරභාවය පිළිබඳ විශ්ලේෂණය පදනම්ව ඉන්දියාව ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා සහාය ලබා දී ඇති නමුත් චීනය තවමත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහ අත්හිටුවීමේ කාල සීමාව සම්බන්ධයෙන් වෙනස් අදහසක සිටින බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත වාර්තා කර ඇත.

මෙවැනි තත්ත්වයක්‌ තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හිඟ ණය පදනම මත ශ්‍රී ලංකාවට ණය මුදල ලබා ගැනීම සඳහා අනුමැතිය ලබා දී මූල්‍ය අරමුදලේ වසන්ත රැස්වීමේදී හෝ මෙම වසර අවසානයේ චීනය එකතු වන තෙක් බලා සිටිය හැකි බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත පෙන්වා දී තිබේ.

පසුගිය අවුරුදු සීයක කාලය තුළ ශ්‍රී ලංකා දේශපාලනඥයන්ගේ ප්‍රියතම දේශපාලන නවාතැන චීනය බවත් ඉන්දියාව ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට තවමත් ශ්‍රී ලංකාව පිළිතුරක් ලබා දී නොමැති බවත් "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත සඳහන් කර ඇත.

ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න සහායක් ඉන්දියාව ලබා දුන් බවත් "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත වාර්තා කර තිබේ. මූල්‍ය අරමුදලේ ණය මුදල නොලැබුණහොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නුදුරේදීම තවත් කඩා වැටීමට ඉඩ තිබෙන බව "ද හින්දුස්ථාන් ටයිම්ස්" පුවත්පත පෙන්වා දී ඇත.(ද හින්දුස්ථාන් ටයිම්ස්


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now