IMF වෙතින් තවත් කොන්දේසියක් ..?

Sri Lanka IMF Sri Lanka
By Sewvandhi Feb 10, 2023 01:56 PM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල() ප්‍රකාශ කරන්නේ, ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකමක් පිළිබඳ තීරණය රඳා පවතින බවයි.

ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම අරමුදල පවසනවා.

එමගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now