IMF සාකච්චා වල නවතම තත්ත්වය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා නැවතත් මෙම මාසයේදී ඉදිරියට ගෙනයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 09 වැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරය ආරම්භ කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිව් අවුරුදු වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවය.
ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන "ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස්" ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම් අවසන් අදියරට පැමිණ තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. "අද මම ඔබ ඉදිරියේ පැහැදිලි කරන්නේ අපේ ඉදිරි ගමන සඳහා පදනම් වන සැලසුම් රාමුවයි. මේ රාමුව තුළ අප ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේ පාර්ලිමේන්තුවට ගෙන එන අන්තර්කාලීන අයවැය සහ 2023 අයවැය ඔස්සේ ඉදිරිපත් කරනවා.
යළි නැගීසිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ සිට අප ඒ සාකච්ඡා යළිත් ඉදිරියට ගෙනයනවා. මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.
ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන "ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස්" ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැලසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා. මේ සැලැස්ම නොබො දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා. ඉන්පසුව අපට ණය ආධාර ලබාදී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා
. අනතුරුව පුද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමග එකඟතාවන්ට එලඹෙනවා. අවසානයේ අපනයන ආර්ථිකය ශක්තිමත් කරලීමට අවශ්‍ය ප්‍රතිපත්ති, නීති-රීති හා වැඩසහටන් සම්පාදනය කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |