ශ්‍රී ලංකාව සහ ආසියානු රටවල් ගැන IMF ප්‍රධානියාගෙන් භයානක අනතුරු ඇඟවීමක්..
ශ්‍රී ලංකාවේ මෙන්ම ආර්ථික අර්බුදවලට අනෙකුත් ආසියානු රටවලට ද මුහුණ පෑමේ අවදානමක් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා ඒ අනුව ඉහළ ණය මට්ටම් සහ සීමිත ප්‍රතිපත්ති අවකාශයක් ඇති රටවල් අමතර පීඩාවන්ට මුහුණ දෙනු ඇති බවයි පැවසෙන්නේ .
විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මිලියන 22 ක ජනතාව සඳහා අවශ්‍ය ආහාර, ඉන්ධන සහ ඖෂධ ආනයන සඳහා මුදල් ගෙවීමට ශ්‍රී ලංකාව අරගල කරමින් සිටිනවා උද්ධමනය 50% කින් පමණ ඉහළ ගොස් ඇති බවත් ආහාර මිල වසරකට පෙරට වඩා 80% කින් ඉහළ ගොස් ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පවසනවා
ශ්‍රී ලංකා රුපියල මේ වසරේ එක්සත් ජනපද ඩොලරය සහ අනෙකුත් ප්‍රධාන ගෝලීය මුදල් ඒකකවලට සාපේක්ෂව අගය පහත වැටී ඇති බවත් ඒ අනුව උද්ධමනය සහ පොලී අනුපාත ඉහල යාම, අවප්‍රමාණය වන මුදල් ඒකක, ඉහළ ණය මට්ටම් සහ විදේශ මුදල් සංචිත අඩුවීම කලාපයේ අනෙකුත් ආර්ථිකයන්ට ද බලපාන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරන්නේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |