IMF ශ්‍රී ලංකාව ගැන ලොවටම කියූ දේ
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lankan political crisis
IMF Sri Lanka
By Sewvandhi
පවතින ගෝලීය ආර්ථික තත්ත්වය හමුවේ සංවර්ධනය වෙමින් පවතින රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයන් සඳහා ශ්‍රී ලංකාව උදාහරණයක් කර ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියාවා ප්‍රකාශ කළා.
ඒ ජී - 20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහබැංකු අධිපතිවරුන්ගේ රැස්වීමක් අමතමින්. යුක්රේන යුද්ධය සමග ලෝක ආහාර සහ භාණ්ඩ මිල දැඩි පීඩනයට ලක්ව ඇති අතර, ආර්ථික ක්‍රියාකාරකම් මත බාධා රැසක් පවතින බව ඇය එහිදී සඳහන් කළා.
සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් අවශ්‍ය වන අතර, අනතුරු ඇඟවීමේ සලකුණක් ලෙස ශ්‍රී ලංකාව නිරීක්ෂණය කරන්නැයි ඇය එහිදී කියා සිටියා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |