හදිසි නීතිය පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වෙයි..
Parliament of Sri Lanka
Ranil Wickremesinghe
Sri Lanka
By Sewvandhi
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය පිළිබඳ ප්‍රකාශය අද (27) පාර්ලිමේන්තුවේ විවාදයෙන් පසු අනුමත කරන ලදී.
පක්ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63ක් ලැබිණි. 2022 ජුලි 17 දිනැති අංක 2288/30 දරන විශේෂ ගැසට් පත්‍රය මගින් එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් මෙම ප්‍රකාශය කර ඇති අතර නීතිමය ප්‍රතිපාදන අනුව එම ප්‍රකාශය සඳහා දින 14ක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගතහොත් අවලංගු කළා.
මහජන ආරක්‍ෂාව සහ මහජන සාමය ආරක්‍ෂා කිරීම සහ ජන ජීවිතයට අත්‍යවශ්‍ය නඩත්තු සැපයුම් හා සේවා සහතික කිරීම සඳහා මහජන ආරක්ෂක ආඥාපනත ප‍්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම ප‍්‍රකාශය නිකුත් කර ඇති බව එම ගැසට් පත‍්‍රයේ සඳහන් වේ. .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |