ඔක්සිජන් අවශ්‍යතාවය ඉහළට.. කොවිඩ් ප්‍රධානම රෝහලත් පිරෙයි...

Corona virus covid 19 sri lanks Idh
By Sithumi Jan 25, 2022 02:27 PM GMT
Report

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ධාරිතාව ඉක්මවා යමින් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි.

මේ වන විට දැඩි සත්කාර ඒකක සඳහා ඇතුළත් වන රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ද ක්‍රමානුකූලව ඉහළ යමින් පවතින බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. අද (25) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අයි.ඩී.එච් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ඒ බව සඳහන් කළේය.

"විශේෂයෙන්ම පසුගිය සතිය හා සසදනකොට මේ සතියේ කොවිඩ් ආසාදිතව රෝහලට ඇතුළුවන රෝගීන් 50%ක පමණ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම සංකූලතාවලට ලක්වන අය, ඔක්සිජන් සැපයීමට අවශ්‍යවන අය, දැඩි සත්කාර ඒකකවලට යොමු කළ යුතු රෝගීන් සංඛ්‍යාවේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබෙනවා.

භාහිර රෝගී අංශය හරහා අනුක ජීව විද්‍යාගාරය වෙත ඉදිරිපත්වන PCR පරික්ෂණවලින් 50%- 60% අතර ප්‍රමාණයක් ආසාදිත බවට තහවුරුවන බව අපට ක්ෂුද්‍රජීවි විශේෂඥ වෛද්‍යතුමිය ප්‍රකාශ කළා. ඒ අනුව කාරනා පෙළගැස්වීමේදී අපිට බලාපොරොත්තුවෙන් පුළුවන් ඉදිරි සති දෙක ඇතුළුත විශාල රෝගීන් සංඛ්‍යාවක් දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පහේ වාර්තා වෙයි කියලා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now