මගීන් 600කට අධික දෙනෙකුගේ දිවි බේරාගත් අපේ කාලේ වීරයා..!
හපුතලේ ප්‍රදේශයෙන් සිදුවීමට ගිය භයානක දුම්රිය අනතුරක් වළක්වා ගත් පුද්ගලයකු පිළිබඳව වාර්තා වනවා.
එනම්, උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ ඉදල්ගස්හින්න යන ප්‍රදේශ අතර දුම්රිය ස්ථානයට ආසන්නව ගසක් කඩා වැටී තිබී ඇති අතර කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියද මගින් හයසීයකට වැඩි ප්‍රමාණයක් ද සමගින් පැමිණ ඇත්තේ ඒ අතරතුරදීය.
මෙම සිද්ධිය දුටු එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විජේරත්න මහතා වහා ක්‍රියාත්මක වී අඳුර සහ මීදුම මැද්දේ දීම සිය විදුලි පන්දම දල්වා දුම්රිය රියදුරුට අනතුරක් පිළිබඳව සංඥාව ලබා දී තිබෙනවා . ඒ පිළිබඳව එම මහතා අදහස් දක්වා තිබුනේ මෙලෙසින් ,
“ගහේ සද්දේ ඇහුණා වැටෙන සද්දේ. ඊට පස්සේ මට කෝච්චියේ හෝන් එකේ සද්දේ ඇහුණා. මම දුවගෙන ගියා. ටෝච් එක ගහගෙන හොල්ල හොල්ල හිටියා. කෝච්චිය නතර කරන කල්. ටක් ගාලා ඩ්‍රයිවර් මහත්තයාට පින් සිද්ධවෙන්න නවත්ත ගත්තා. මගේ ජීවිතේ ගැන මම හිතුවේ නෑ. කෝච්චියේ ජීවිත ගැන තමා මම හිතුවේ. මම තනි එකානේ. හොඳ වෙලාවට මහත්තයෝ කෝච්චිය ළඟටම ඇවිත් නැවැත්තුවේ"
මගීන් හයසියයකට අධික පිරිසකගේ ජීවිතවලට සිදුවීමට ගිය ඒ මහා ඛේදවාචකය විජේරත්න මහතාගේ විමසිලිමත් බව නිසා වැළකුණේ ඒ අයුරිනි . ඔහුගේ එම ක්‍රියාව අගය කළ යුතු නැතිනම් විශාල හානියක් සිදුවීමට තිබුණු බවත් දුම්රිය රියදුරු වැඩිදුරටත් පවසා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |