Hybrid සහ Electric වාහන සිරුරට අහිතකරද?

Sri Lanka Electric Vehicle
By Wayomi Jun 27, 2022 05:59 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ hybrid car සහ regular car ( සාමාන්‍ය කාර්). ඒත් පරිසර හිතකාමිත්වය සහ ඉන්ධන අර්බුධයට පිළියම් සොයන ගොඩක් අයගේ ඉල්ලීම තමයි විදුලි මෝටර් රථ ආනයනය සුදුසුයි කියන දේ. නමුත් පරිසර හිතකාමිත්වය රකින electric car, ප්‍රෙටල් සහ විදුලිය මිශ්‍ර hybrid car ඔබේ සෞඛ්‍ය තත්වයට එතරම් හිතකර නොවන බවට විවිධ වාර්තා පළවෙලා තිබුණා.

🚗 මෙම මෝටර් රථ මගින් විමෝචනය කරන ලද ඉතා අඩු සංඛ්‍යාත (ELF) විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර (EMF) පිළිබඳ මෑත කාලීන අධ්‍යයනයන් මගින් වාහනවල ගමන් කරන්නන්ට පිළිකා අවදානමක් ඇති නමුත් එය එතරම අවදානම් තත්වයක් නොවන බවත. ඊට බිය විය යුතු නැති බවත් විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

🚗 hybrid වාහනයක විදුලි දහරාව ගලා යන මෝටරය අවට විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රයක් (EMF) ගොඩ නැගෙනවා.

🚗 මෙවැනි විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර නිසා බරපතල සෞඛ්‍ය ගැටළු ඇති කරන බව අධ්‍යයන ගණනාවකින් පෙන්වා දි තියෙනවා. ඒවා අතර පිළිකා අවදානමක් ඇති බවත් කාන්තාවන්ගේ ගබ්සාවීම් හා ළමයින් තුළ ලියුකේමියාව ඇති වීමේ අවදානම වැඩි බවයි ඉන් හෙළිදරව් කර ඇත්තේ.

🚗- hybrid car වල බැටරි හා බලය සපයන කේබල රියැදුරු අසුනටත්, එහි යන මගීන් හිඳිනා තැන්වලටත් ආසන්නව ඇති නිසා ඒවායින් ඇති කෙරෙන විද්යුත් චුම්බක ක්ෂේත‍්‍රවලට දිගු කාලයක් ආවරණය වීම නොවැළැක්විය හැකියි.

🚗 නමුත් පසුව නෝර්වේ සින්ටෙෆ් (Sintef) ආයතනය මගින් කරන ලද පරීක්ෂණයකට අනුව එය එතරම් බරපතල මට්ටමකින් නැති බව හෙළිදරවු වෙන්නේ.

🚗 ඔවුන් විසින් පරීක්ෂා කළා එකිනෙකට වෙනස් විදුලි මෝටර් රථ 7ක්, හයිඩ්රජන් බලයෙන් ධාවනය වන කාර් එකක්, ප්‍රෙටල් ඉන්ධන වලින් දුවන වාහනයක් හා ඩිසල් කාර් එකක්. රසායනාගාර තුළත් මහමග ධාවනයේදීත් ඒවායේ විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර (EMF) ආවරණය වීම් මැන බැලුවා.

🚗 ඒ අනුව විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර ආවරණය වීම් වැඩියෙන් ම පැවතියේ බිමට ආසන්නව හා වාහනය පණ ගන්වන අවස්ථාවේදී බැටරි අසල බව ඒ පරීක්ෂණවලින් හෙළි වුණා.

🚗 ඒ හැම අවස්ථාවකම විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර අනාවරණය වීම්, අයනීකෘත නොවන විකිරණශීලී ආරක්ෂාව පිළිබඳ අන්තර්ජාතික කොමිසම (ICNIRP - International Commission on Non-Ionising Radiation Protection) විසින් ආරක්ෂා සහිත යැයි නියම කළ අගය වූ සියයට 20කට වඩා අඩු බැව් පෙනී ගියා.

🚗 සංවේදී උපකරණවලින් ගන්නා ලද එකම මට්ටමක තිබුණා, වාහනය පණ ගන්වන අවස්ථාවේ දී පමණක්. ඩමි යොදා ගෙන හිස, පපුව, දෙපා අසල ගන්නා ලද මිනුම් හැම විටම නියමිත අනුමත ප‍්‍රමාණයට වඩා සියයට දෙකක් අඩුවෙන් තමයි සටහන් වුණේ.

🚗- පැට්රල් හා ඞීසල් කාර්වල ඇති වන විද්යුත් චුම්බක ක්ෂේත‍්‍ර මට්ටම සියයට 10ක් ලෙසයි, සැලකෙන්නේ. ඒ ප‍්‍රමාණය ආරක්ෂා සහිතයි, කියලයි පර්යේෂකයන් පවසන්නේ.

🚗 ඒ නිසා සෙන්ටිෆ් හෞතික විද්‍යායතනයේ කාරි ස්ජෝල්බර්ග්-හෙන්රික්සන් නම් කියන්නේ එම වාහන වල අනතුරුදායක තත්වයන් ගැන බියක් ඇති කර ගැනීමට හේතුවක් නැති බවයි.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW