මූත්‍රා කිරීමට වාහනය නතර කල සැමියා, බිරිදව අමතක කර 160KM ඇය නොමැතිව ධාවනය කරයි..

Thailand
By Sewvandhi Jan 04, 2023 10:44 AM GMT
Report

තායිලන්තයේ කැලෑබද ප්‍රදේශයක දී, සැමියෙකු තම බිරිඳව අමතක කර කිලෝමීටර 160කට ආසන්න දුරක් තම වාහනය පදවාගෙන ගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිදුවීමට මුහුණදී ඇත්තේ 55 හැවිරිදි වියේ පුද්ගලයෙකු සහ ඔහුගේ 49 හැවිරිදි වියේ පසුවන බිරිඳයි. එහිදී ඔවුන් සිය බිරිඳගේ උපන් ගමට යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණදී ඇති බව එම වාර්තා පවසන්නේ.

සිය ගමන අතරමගදී සැමියා ශරීර කෘත්‍ය කිරීම සඳහා කැලයක් ආසන්නයේ සිය රථය නවතා ගොස් නැවත පැමිණ රථය පණගන්වා ඉදිරියට ධාවනය කර ඇත. ඒ වනවිටත් රථයේ පසුපස අසුනේ නිදා සිටි බිරිඳද සිය ශරීර කෘත්‍ය සිදුකිරීම සඳහා රථයෙන් බැස ගොස් තිබේ.

අදාළ සැමියා මේ බව නොදැන රථය ඉදිරියට ධාවනය කර ඇත. ඔහු පවසා ඇත්තේ සිය බිරිඳ පසුපස අසුනේ නිදා සිටින බවට තමන් සිතූ බවය. කෙසේ වෙතත් කැලය ආසන්නයේ තනිවූ බිරිඳ මුදල් හෝ ජංගම දුරකථනයක් නොමැතිව දැඩි අපහසුතාවයකට පත්ව තිබේ.

කෙසේ වෙතත් ඇය එම ස්ථානයේ සිට කිලෝමීටර් 13ක දුරක් ඉදිරියට ඇවිදගොස් පොලිස් ස්ථානයක් වෙත පැමිණ තමන්ට සිදුවූ දේ පවසා ඇත. අනතුරුව ඒ වනවිටත් කිලෝමීටර් 160ක පමණ දුරක් සිය රථය ඉදිරියට ධාවනය කර සිටි අදාළ සැමියා තම බිරිඳ රථයේ නොමැති බව දැනගැනීමෙන් පසුව ඇය සොයා නැවත පැමිණ තිබේ.




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now