ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය ගැන, මානව හිමිකම් කොමිසමෙන් පොලිස්පතිවරයාට නියෝගයක්..!

Sri Lanka Police Sri Lankan protests Sri Lanka Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Feb 27, 2023 11:49 AM GMT
Report

 ඊයේ (26) දින ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමනට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම කොමිසම පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව එම කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ පැය 24ක් ඇතුළත අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලබාදෙන ලෙසටය.

එහිදී වැඩිදුරටත් අදහස් දකවමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කර ඇත්තේ පා ගමන කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ යූනියන් පෙදෙස ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් තිබියදී එම ප්‍රදේශය විරෝධතා පා ගමන් පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝග නිකුත් කර නොතිබූ තත්ත්වයක් තුළ මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකිරීම සමබන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ අවධානය යොමුව ඇති බවය.

මේ අතර,ඊයේ (26) කොළඹ පැවති ජාතික ජන බලවේගයේ උද්ඝෝෂණයට එක්වූ නිවිතිගල අපේක්ෂකයෙකු කොළඹ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ජීවිතක්ෂයට පත්ව තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසුවේ ඇසට සිදුවූ තුවාලයක් හේතුවෙන් ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළුකර ප්‍රතිකාර ලබමින් සිටිය බවය.

එම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා.,

"තුවාල ලැබූ අය 28 දෙනෙකු පමණ රෝහල්ගතකරන්න සිද්දවුණා, කිහිපදෙනෙක් ටිකට් කපාගෙන ගිහිල්ලා තිබුණා. තවත් කිහිපදෙනෙක් ඉන්නවා. එතැනින් දෙන්නෙක්ට කිසියම් අසාධ්‍ය තත්ත්වයක් මතුවෙලා තිබුණා. දැන් වාර්තාවුණා අපිට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ ජීවිතය නැතිවුණා කියලා විශේෂයෙන්ම නිමල් අමරසිරි කියලා රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ අපේ නිවිතිගල ප්‍රාදේශීය සභාවේ අපේක්ෂකයෙක් ලෙස කටයුතු කරන සහෝදරයෙක්."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now