විභාග සමයේ විදුලි කප්පාදුව ගැන මානව හිමිකම් කොමිසමෙන් දැඩි තීරණයක්..!
Human Rights Commission Of Sri Lanka
Sri Lanka
Power Cut Today
By Sewvandhi
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විධානය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම සහ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට අදාළ පාර්ශ්වයන් වෙත නඩු පැවරීමට එම කොමිසම තීරණය කර තිබේ.
ඒ, අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන ජනවාරි 23 වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා අඛණ්ඩව විදුලි බල සැපයුමක් ලබාදීමේ විධානය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙනි.
ඒ අනුව අදාළ කොමිසම දැනුම් දෙන්නේ ඊට අදාළ සහතික ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අද (27) දින යොමු කළ බවය.
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. ඩී. යූ. මාපා පතිරණ, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එස්. ඉලංගකෝන් මහතා සහ නීතිපතිවරයා මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සඳහන් කර ඇති බවද මානව හිමිකම් කොමිසම පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
