ගින්නේ ස්භාවය අනුව උපකරණය වෙනස් වන බව දන්නවද?
ගින්නක් හටගත්තොත් ගින්න නිවන අය අතරේ ඒකට පිදුරු දාන අයත් නැතුවාම නෙවෙයි. හැබැයි මේ කියන්නේ ඒ වගේ ගින්නක් ගැන නෙවෙයි. සාමාන්‍යයෙන් ගොඩනැගිල්ලක් හෝ වේවා වෙනයම් දෙයක් හෝ වේවා ගිනි ගත්තොත් ඒ ගින්න නිවන්න ගිනි නිවන හමුදාවට අමතන්නම වෙනවා. හැබැයි මෙහිදී ගින්නේ ස්භාවය අනුව ගිනි නිවන ආකාරය, සහ උපකරණ වෙනස් වෙන බව ඔබ දන්නවද?
ගින්නක් ඇති වෙන්න නම් තාපය, ඔක්ෂිජන්, සහ ගිනි ගැනීමට අවශ්‍ය මාධ්‍යයක් (ඒ කියන්නේ ඉන්ධන වර්ගක් ) යන මූලික අවශ්‍යතා 3ක් සම්පූර්ණ විය යුතුයි. ඒ අනුව තමයි ගිනි මැඩ පැවැත්වීමේදී සිදු කරන්නේ මේ කාරණා 3න් 1ක් හෝ කීපයක් වැළැක්වීමයි.
ගිනි වර්ග
- කඩදාසි ලී ආදියෙන් ඇතිවෙන ගිනි
- ගෑස් වලින් ඇතිවෙන ගිනි
- තෙල් හා වෙනත් රසායන ද්‍රව්‍ය ආදියෙන් ඇතිවෙන ගිනි
- විදුලියෙන් ඇතිවන ගිනි
ගිනි නිවීම ඉතා ප්‍රවේසම්කාරීව කළ යුතු දෙයක්. සාමාන්‍ය ගිනි නිවීම සදහා උපකරණ(portable fire extinguishers) භාවිතා වෙනවා. මේවා 0.5-15kg දක්වා බරින් යුක්තයි. ඒ වගේම මෙම උපකරණ වල වර්ග කිහිපයක්ම තියෙනවා. ඒවා භාවිතයට ගැනෙන්නේ කොහොමද කියලා දැන් බලමු.
ජල ගිනි නිවනය
සම්පීඩිත (නයිට්‍රිජන් වායුවෙන්) තමයි මෙහි ජලය ගබඩා කරලා තියෙන්නේ. ලී රෙදි, කඩදාසි ආදියේ ඇතිවන ගිනි නිවීම සඳහා පමණක් මෙය භාවිතා කරනවා. මෙම ගිනි නිවනය රතු පැහැයෙන් යුක්තය
කාබන්ඩයොක්සයිඩ් ගිනි නිවනය
මෙය රතු පැහැති ටැංකියේ කළු පැහැති පටියකින් සමන්විතයි. මෙම ගිනි නිවනයේ සම්පීඩිත කාබන්ඩයොක්සයිඩ් වායුව අන්තර්ගතයි. මෙය භාවිතා කරන්නේ විදුලියෙන්,තෙල්,රසායන ද්‍රව්‍ය හා ගෑස් මගින් ඇතිවන ගිනි නිවීම සඳහායි.
රසායනික පෙන ගිනි නිවනය
මෙය රතු පැහැති ටැංකියේ ක්‍රීම් පැහැති පටියකින් යුක්ත වන අතර රසායනික පෙන අඩංගු වෙනවා. මෙම ගිනි නිවනය තෙල් වර්ග වලින් ඇතිවෙන ගිනි නිවීම සඳහා වඩාත් සුදුසු වන අතර ලී,කඩදාසි හා රෙදි ආදියෙන් ඇතිවෙන ගිනි නිවීම සඳහාද භාවිතයට ගැනෙනවා.
රසායනික කුඩු ගිනි නිවනය
මෙය රතු පැහැති ටැංකියේ නිල් පැහැති පටියකින් යුක්ත වන අතර රසායනික කුඩු අන්තර්ගතයි.ඕනෑම ගින්නක් මැඩ පැවැත්වීමට භාවිතා කළ හැකි අතර මෙම කුඩු මගින් පරිසරය අධික ලෙස අපවිත් වෙනවා. ඒ වගේම විදුලි පරිපථ ආදියට හානි සිදු විය හැකියි.මේ නිසා භාවිතයේදී පරිස්සම් වීම වැදගත්.
ගිනි නිවන ආකාරය
- ආරක්ෂිත Pin එක ගලවන්න,
- සුළගේ දිශාවට ප්‍රතිවිරුද්ධව සිට ගෙන ගිනි නිවනය සිරස්ව හොදින් අල්ලා ගන්න.(Pull)
- ගින්නේ මූලය (ආරම්භක ස්ථානයට) දෙසට යොමුකරන්න.(Aim)
- හැඩලය ක්‍රියාත්මක කරන්න.(Squeeze)
- ගින්න පැතිරුණු ප්‍රදේශය අවරණය වනලෙස හසුරුවන්න. (Sweep)