බුද්ධි අංශයෙන් වගේ පහසුවෙන්ම බොරු කාරයෝ හොයාගන්න උපක්‍රම 7ක්.

By Wayomi Sep 30, 2022 10:23 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කෙනෙක් ඔබට බොරු කියනවා ද කියලා හරියටම හොයාගන්න එක සමහරුන්ට නම් ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් මේ කියන්න යන්නේ කතාබහ කරමින් ඉද්දී පුද්ගලයෙකුගේ හැසිරීම් රටාවන්ගෙන් සහ ශරීර භාෂාවන්ගෙන් ඔවුන්ගේ බොරුව හෙළි කරගන්න ආකාරය ගැනයි.

1. හැසිරීමේ ස්වභාවය හඳුනාගන්න

👉 මුළින්ම, පුද්ගලයාගේ සාමාන්‍ය හැසිරීම් ස්වභාවය නිරීක්ෂණය කරන්න.පුද්ගලයා තුළ නිතර දැකිය හැකි ශරීර චලන,මුහුණේ භාව ප්‍රකාශන, අක්ෂි චලන හා වාචික චර්යා හඳුනාගන්න.

👉 සමහර අය කතාකරද්දි ඔවුන් බොරු කියනවා නම් හෝ වරදකාරී හැඟීමකින් කතා කරනවා නම් මුහුණ හෝ ඇස් දෙස බලා කතාකරන්නේ නැහැ.

👉 පුද්ගලයාව හොඳින් හඳුනගන්න නම්, මත ගැ‍ටුම් විරෝධතා ඇති නොවන විධියේ සාකච්ඡාවකට මුලපුරන්න.හරියටම කියනවා නම්, කාලගුණය ගැන හෝ එම පුද්ගලයාගේ අනාගත සැළසුම් ගැන හෝ වෙනත් පහසුවෙන් පිළිතුරු දෙන්න පුළුවන් මාතෘකාවක් ගැන ප්‍රශ්න අසන්න.

👉 ඊට පිළිතුරු දෙද්දී, පුද්ගලයාගේ ශරීර හා මුහුණේ භාව ප්‍රකාශන (ශරීර භාෂාව) සමීපව නිරීක්ෂණය කරන්න.ඇත්ත යමක් ගැන කතාකරද්දී එම පුද්ගලයාගේ හැසිරීම කොයිවගේද කියලා හඳුනගන්න.


2. ශරීර භාෂාව (body language) නිරීක්ෂණය කරන්න


👉 එම පුද්ගලයාට කතාකරන විට, ඔහුගේ/ඇයගේ ශරීර ඉරියව්ව (posture) වෙත අවධානය යොමුකරන්න.කෙනෙක් බොරු කියන බව පෙන්නුම් කරන සංඥා කිහිපයක් තමයි,

🔹 පිටවීමට හැකි පැත්තට කකුල් යොමුවී තිබීම

🔹 නොසතු‍ටුදායක හෝ එපාවී සිටින (නීරස) බවක් පෙන්නුම් කිරීම

🔹 උරහිස් හා සිරුර හකුළාගෙන සිටීම (තමාව කැපීපෙනීම වළක්වාගැනීමට හැංගීමට උත්සහ කිරීම)

👉 පුද්ගලයාගේ අභින සහ ශරීර චලන ගැන හොඳින් අවධානය යොමුකරන්න.ඒ කෙනා බොරු කියනවා නම් මේ වගේ ලක්ෂණ දැකිය හැකියි:

🔹 ඇඟිලි තුඬු වේගයෙන් සෙලවීම සහ අත් සඟවාගෙන සිටීම

🔹 තමන්ව සන්සුන් කරගන්න උත්සහ කරනවාක් මෙන් මුහුණ ස්පර්ෂ කිරීම

🔹 අඟර දඟර හැසිරීම් (කෙස් රොද කරකවමින් කතාකිරීම, ඇඟිලි තුඬු වලින් තොල් තෙරපීම)

🔹 කලබලකාරි නොසන්සුන් හැසිරීම් (පනුවෙක් වගේ දැඟලීම, යටිපතුල් වලින් පොළොවට තට්‍ටු කිරීම)

🔹 ඔබ සහ ඔහු/ඇය අතර මැද්දෙන් බාධක වස්තු තබාගැනීමට උත්සහ කිරීම


3. මුහුණේ භාව ප්‍රකාශනයන් (facial expressions) කෙරෙහි අවධානයෙන් සිටින්න


👉 එම පුද්ගලයා සමඟ කතා කරමින් සිටියදී පහත ආකාරයේ වෙනස්කම් දැකිය හැකි නම් , ඔහු/ඇය බොරුකියන බව පෙන්නුම් කරන සංඥා විය හැකියි:

🔹 මුහුණේ පැහැය වෙනස්වීම (ලා රෝස පැහැයකට)

🔹 නාස් පුඬු ඉලිප්පීම

🔹 තොල් සැපීම

🔹 ඇහිපිය සලන වේගය මාරුවීම

🔹 දහඩිය දැමීම

🔹 කලබලයෙන් කෙළ ගිලීම හෝ ඈනුම් ඇරීම


4. ව්‍යාජ සිනහව හඳුනාගන්න


👉 එම පුද්ගලයා සිනාසෙන අයුරු දෙස බලන්න.අව්‍යාජ සිනහවකදී,

🔹 මුළු මුහුණම එළිය වැටෙයි.

🔹 ඇස් කොන් ‍රැළි ගැසෙයි.

🔹 කම්මුල් වල පේශීන් සංකෝචනය වෙයි. බොරු සිනහවක් මවාපාන විට, තොල් එකිනෙකට තද කරගනියි.

🔹 බලෙන් හෝ පීඩනයකින් වගේ සිනාසෙයි.

🔹 කටින් සිනහවක් නැගෙන විට, ඇස් වලින් ද ඒ බව ප්‍රකාශ වෙනවා. නමුත් ඔබ සිනාසෙන විට ඇස් වලින් අපහාසාත්මක, ක්‍රෝධාන්විත හෝ පිළිකුල් බැල්මක් ප්‍රකාශිත වෙයි නම් එය ව්‍යාජ සිනහවකි.


5. කතාවට ඇහුම්කන් දෙන්න.


👉 එම පුද්ගලයා කතා කරන ස්වරය හා කතා විලාසයට සවන් දෙන විට බොරු කියන බව පෙන්නුම් කරන සංඥා,

🔹 කැස්ස සහ උගුර පෑදීම

🔹 හඬේ අස්ථාවරබව (හඬේ අවිනිශ්චිත හෝ අනාරක්ෂිත බව)

🔹 කටහඬේ ස්වරය උස්පහත් වීම (ඉතා වේගයෙන් කතා කිරීම හෝ උච්ඡ හෝ පහත් ස්වරයකින් සෙමින් කතා කිරීම හෝ

🔹 සාමාන්‍ය හඬට වඩා වැඩි ඝෝෂාවකින් කතාකිරීම)

🔹 කටහඬේ බිඳුණු ස්වභාවය (බොරුවක් පවසන විට බොහෝ දුරට හඬේ ස්වරය කැඩී කැඩී ඇසෙයි)

👉 එම පුද්ගලයා පවසන්නේ මොනවගේ දේවල් ද කියා සැලකිලිමත්වන්න.කියන්නේ බොරු නම්,

🔹 පෞද්ගලිකව තමාව සම්බන්ධ නොවන ආකාරයෙන් වචන පවසයි (ඔහු/ඇය කතාවට සම්බන්ධ කරනොගැනීමට උත්සහ කරයි.’මම’ හෝ ‘මට’ යන වචන එතරම් භාවිත නොකරයි.)

🔹 වාක්‍ය රටා වෙනස්වීම (ඔබේ මතවාද අදහස් සමඟ සැමවිටම එකඟ වීම, අඛණ්ඩව ඔබ ගැන වර්ණනා කිරීම,ඔබේ සෑම විහිළුවකටම සිනාසීම) ඔබේ සිත තුළ ඔහු/ඇය පිළිබඳ හොඳ හැඟීමක් ඇතිකරවීමට දැඩි උත්සහයක් කරන බව පෙනී යයි.

🔹 කථා ව්‍යවහාරයේදි මෙන් නොව විධිමත් ලෙස භාෂාව හසුරුවයි (මෙය එම පුද්ගලයා ආතතියෙන් පසුවන බව පෙන්නුම් කරන ලක්ෂණයකි.).


6. ‘නැහැ‘ යනුවෙන් පවසන අවස්ථා කෙරෙහි අවධානයෙන් ඉන්න


👉 ඔබ එම පුද්ගලයාගෙන් ප්‍රශ්නයක් ඇසූ විට ඔවුන්ගේ පිළිතුර නැත යන්න නම්, කියන්නේ බොරුවක්. එහිදී මෙවැනි ලක්ෂණ පෙන්නුම් කරයි.

🔹 දෑස් පියාගනියි

🔹 වෙනත් දිශාවස් දෙස බලාගෙන කතාකරයි

🔹 පිළිතුරු දීමේදි චකිතයක් පෙන්නුම් කරයි

🔹 ගීතයක් ගයන ආකාරයෙන් අදිමින් ‘නැහැ’ ලෙස පවසයි

🔹 ‘නැහැ……’ යනුවෙන් දිගු වෙලාවක් කීමට උත්සහ කරයි.


7. හරස් ප්‍රශ්න


👉 එම පුද්ගලයා පවසන කතාව ගැන ඔබ උනන්දු බවත්, තව විස්තර දැනගැනීමට අවශ්‍ය බවත් පෙන්නුම් කරමින් හරස් ප්‍රශ්න අසන්න උත්සහ කරන්න.එවැනි අවස්ථාවක ඔවුන් බොරු කියනවා නම් මේ වගේ ලක්ෂණ පෙන්නුම් කරයි,

🔹 අතිශයෝක්තියකින් කතා කරයි

🔹 කතාව ගැන නිශ්චිත තොරතුරු සැපයීමට නොහැකිව අසාර්ථක වෙයි

🔹 පිළිතුරු දීමට පෙර එම ප්‍රශ්නම නැවත නැවත මතුකරයි

🔹 මුල් කතාවට වඩා පරස්පර දේවල් පවසයි

🔹 ව්‍යාජ හෝ පැහැදිලි ලෙස නොමග යවන සුළු පිළිතුරු දෙයි


👉 සිද්ධිය ගැන මුළ සිට නොව අග සිට මුල දක්වා තැනින් තැන ගැන විමසින් ප්‍රශ්න අසන්න. කියන්නේ බොරුවක් නම්,

🔹 එකම කතාව නැවත කියයි (ඇත්ත කතාවක් නැවත පවසන විට පුද්ගලයාට සිද්ධියට අදාළව බොහෝ විස්තර තව තවත් මතක්වෙයි.)

🔹 කතාව ඉතා සරල කරයි

🔹 කතාවේ ගලායාම අනපේක්ෂිත ලෙස විටින් විට බිඳවැටෙයි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW