ඔයාගෙත් ඇග පිච්චෙන තරමට උෂ්න නම් මේ දේවල් පානය කරන්න.
ඇගේ උශ්නය කියන්නේ අපේ ඇග තුළ තිබෙන උෂ්ණත්වය ඉතා ඉහළ අගයක් ගැනීම. මෙය එතරම් හොද තත්වයක් නොවෙයි.
ඇගෙහි උෂ්ණත්වය අධික වීම ඔබේ සමේ නිරෝගි බවට හානි කරනවා. සම අදික ලෙස වේලීමත් මෙමගින් ඇතිවන අවාසිදායක තත්වයක්.
ඒවගෙම තමයි මේ උෂ්ණ අදික ස්වාභාවය නිසා සමට ගල්වන බොහෝ ආලේපන හෝ අභ්‍යන්තර පෝෂණ සත්කාරවල ප්‍රතිඵල හීන වීම ප්‍රබල ලක්ෂනයක්.
එමෙන්ම ඇතැම් අවස්ථාවන්වලදි දරුඵල හට නොගැනීමටත් ප්‍රබල සාදකයක් ලෙස ඇගෙහි උෂ්ණත්වය පාලනය කර ගැනීම ඉතාම වැදගත් වෙනවා.
ඒ නිසාම ඔබ අවධානය යොමු කළ යුතු කාරණය වන්නේ ඔබේ සමේ නිරෝගි බවත් අභ්‍යන්තර ඔබේ ශරීරය නිරෝගීව පවත්වා ගන්නත් ඇගෙහි ඇති අධික උශ්නත්වය පාලනය කර ගැනීමයි.
ඒ සදහා ඔබ කළ යුතු දේ වන්නේ මොනවාද?
1. ඔබ දිනපතා කෝපි පානයට පුරුදුව සිටින කෙනෙක් නම් කෝපි වෙනුවට දිනපතා බෙලිමල් තැම්බූ ජලය පානය කිරීම ඉතාම හොදයි.
2. දියලබු ආහාරයට ගැනීම මේ සදහා මෙන්ක මලබද්දය පාලනය කිරීමටත් ඉතාම සුදුසුයි.
3. ශරීරය සිසිල් කිරීම සදහා අලු පුහුල් ආහාරයට ගැනීම ඉතාම යෝග්‍යයි.
4. වැටකොලු ආහාරයට ගැනීමත් ඔබේ සමේ තෙතමනය ආරක්ෂා කිරීමටත් ශරීරය සිසිල් කිරීමටත් ඉතාම වැදගත් වෙනවා.
5. තැඹිලි වතුර කියන්නේ ඇගේ උෂ්ණත්වය පාලනය කිරීමට ඉතාම හොද දෙයක් දින තුනකට වරක් තැඹිලි පානය කිරීමට හැකියා තිබේනම් ඔබට ඔබේ ඇගේ සිසිලස පවත්වා ගැනීමට හැකියි.
6. සාරන කොල ආහාරයට ගැනීම
7. නෙල්ලි හා රසකිද තැම්බූ ජලය කියන්නේ ඉතාම හොද දෙයක්. එය දින තුනකට වරක් ආහාරයට ගැනීමට හැකිනම් එය ඉතාම වැදගත් වෙනවා
8. තණ සහල් කැද ආහාරයට ගැනීම. තණ සහල් කියලා කියන්නේ ඉතාම හොද ආහාරයක්. බොහෝ දරුඵල හට නොගන්නා කාන්තාවන් සදහාද මෙම ආහාරය නිර්දේශ කරනවා.
9. කස කසා ඇට මිශ්‍ර ජලය පානය කිරීම. කස කසා ඇට කියන්නේ ඇගේ උෂ්ණත්වය පාලනයට මෙන්ම ශරීරයේ බර ඉතා ඉක්මනින් අඩු කරගැනීමට ඉවහල් වෙන හොදම දෙයක්.
10. පිපිඤ්ඤා ආහාරයට ගැනීම
11. කොමඩු අහාරයට ගැනීම
12. රණවරා මිශ්‍ර තේ පානය කිරීම