ඔයාගේ ජීවිත්වෙටත් නොහිතපු දේවල් ලැබෙන්න සුබවාදීව ජීවිතේ වෙනස් කරගන්නේ මෙහෙමයි...

Government Employee Entrepreneur employee provident fund
By Sithumini Oct 28, 2024 07:10 PM GMT
Report
  • ඔබේ ඇදයට පිරිසිදු කරග්න්න.

බොහෝ දෙනෙක් තමන්ගේ ඇද යට භාවිත කරන්නේ අනවශ්‍ය දේවල් තියන්න. කැඩුණු අනවශ්‍ය දේවල්, පොත් , සෙරෙප්පු වගේ දේවල් තියන්න. එමගින් අහිතරකර ශක්තියක් නිර්මාණය වෙනවා. එම නිසා ඔබ ඔබේ ඇද යට ඉතාමත්ම හොදින් පිරිසිදු කරලා හිස්ව තියාගන්න. ඒවගේම දිනපතා අතුගා පිරිසිදු කරගන්න.

  • උදෑසනම අවදි වෙන්න.

ඕනෑම දෙයක ආරම්භය අපි හදුන්වන්නේ උදෑසන. උදෑසන අවදී වීමෙන් ඔබව නව ආරම්භයන් සදහා හොද පෙළඹවීමක් ඇති කරනවා.

  • පිරිසිදුව සිටින්න

පිරිසිදු බව කියලා කියන්නේ හොදම දේවල් අපට ආකර්ෂනය වෙන ඉතාමත්ම හොද දෙයක්. ඒ නිසාම ඔබ නිතර පිරිසිදු ඇදුම් ඇදීම වැදගත් එමගින් ඔබට ඔබ ගැනම සුබවාදි බවක් ඇතිකරගන්න හේතුවෙනවා.

  • ලස්සන ඇදුම් අදින්න.

ඇදුම් කියලා කියන්නේ අපේ ප්‍රතිරූපයට බලපාන හොද සාදකයක් ඔබේ ජීවිතේ සුබවාදීව වෙනස් කරගන්න නම් හොද පිළිවෙල ලස්සන ඇදුම් ඇදීම මගින් හැකියාව තිබෙනවා.

  • සුබවාදි පුද්ගලයන් ඇසුරු කරන්න.

නිතර නිතර අන් අයගේ වැරදි දකින වැරදි කතා කරන මිනිසුන් ඇසුරු කිරීම ඔබවත් එම තත්වයටම පත් කිරීමට හේතුවක් වෙනවා ඒ නිසා නිතර හොදම දේ දකින ධනාත්මකව හිතන පිරිස් ඇසුරු කිරීම මගින් ඔබව සුබවාදිව වෙනස් කරග්න්න පිටිවහලක් වෙනවා.