නාගරික තට්ටු නිවාසයක උපත ලැබූ එලිසබෙත් රැජිනට දෛවෝපගතව රජකම ලැබුණු හැටි.
දෙවන එලිසබෙත් රැජින ගැන ඔබ දන්නවා. ඇය බ්‍රිතාන්‍ය සිහසුන වර්තමානයේ දරා සිටින සහ එම සිහසුන එදාමෙදා තූර දීර්ඝතම කාලයක් දරා සිටි තැනැත්තියයි. ඇය උපදින විට එංගලන්තයේ සිටි කිසිවෙකු සිතුවේ නැහැ ඇය රාජ්‍යත්වයට පත්වේයැයි කියා. නමුත් දෛවෝපගතව ඇයට මේ රජකම උරුම වුණා.
දෙවන එලිසබෙත් රැජිනගේ උපත
? දෙවන එලිසබෙත් රැජින උපත ලබන්නේ රජ මාලිගාවක නෙවෙයි.
? රාජ්‍යත්වයට1926 වසරේ අප්‍රේල් 21 වැනි දා, ලන්ඩනයේ මේෆෙයාහි බෲටන් මාවතේ අංක 17 ස්ථානයේ දී දෙවන එලිසැබත් රැජින උපත ලබනවා. එය ලන්ඩනයේ ජනාකීර්ණ වීථියක පිහිටි නාගරික තට්ටු නිවාසයක්.
? මේ තට්ටු නිවාසයේ පදිංචිය සඳහා ඇගේ දෙමාපියන් පැමිණියේ ඇය ඉපදීමට සති කීපයකට පෙරයි.
? මේ නිවාසය අයත් වූයේ, ඇගේ මුත්තණුවන් වූ ස්කොට්ලන්තයේ ස්ට්‍රැත්මෝර්හි ආදිපාදවරයා හා එම දේවියටයි.
? ඒ කාලයේ කුමරියගේ දෙමව්පියන් එතරම් ධනවත් නොවූ නිසා මෙසේ මුත්තණුවන්ට අයත් තට්ටු නිවාසයට පදිංචියට ඒමට සිදු වුණා. මොකද ඒ කාලයේ බ්‍රිතාන්‍ය කිරුළ දරා සිටි රජුගේ දෙවැනි පුතාගේ දියණිය වූ නිසා ඇයට රජකම හිමිවෙතැයි කවුරුවත් හිතුවේ නැහැ.
එලිසැබත් කුමරිය රැජන වූ හැටි
? 1931 දී එඩ්වඩ් කුමාරයාට දෙවරක් දික්කසාද වූ වොලීස් සිප්ම්සන් නම් ඇමරිකානු කාන්තාව මුණ ගැසී රහසේම සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා. ඒ වන විට ඇය අර්නස්ට් සිම්ප්සන් නම් ඇමරිකානුවකු හා දෙවන වරට විවාහව සිටියා.
? එඩ්වඩ් කුමරු බලා සිටියේ එංගලන්තයේ ඊළඟ රජු වීමටයි. ඒ නිසා ඔටුන්න හිමි කුමරුගේ හා සිම්ප්සන් නෝනා අතර සම්බන්ධය ගැන රජ වාසල තුළත් පැතිරී ගියා.
? පියා වූ පස් වැනි ජෝර්ජ් රජතුමා ඒ සම්බන්ධය ගැන තදින් උදහස්ව සිටි අතර ඒ අවස්ථාවේ එඩ්වඩ් කුමරු එය ප්‍රතික්ෂේප කළ නිසා සිද්ධිය යටපත් වුණා.
? 1936 ජනවාරි 20 වැනිදා පස් වැනි ජෝර්ජ් රජු මිය යාමත් සමඟ එඩ්වඩ් කුමාරයා අට වැනි එඩ්වඩ් රජු ලෙස පත් කෙරුණා. නමුත් ඔහුගේ ඔටුනු පැලඳවීමේ මෞලිමංගල්‍යය නියමිතව තිබුණේ වසරකට පසුවයි. ඒ වන විට ඔහු 42 හැවිරිදි වියේ පසු වුණා.
? නමුත් ඔහුගේ රහස් පෙම් එළියට ආවා. රාජ්‍යත්වය පිළිබඳ අර්බූදය ආරම්භ වූයේ ඉන් පසුවයි. ඒ අදහස නිසා එංගලන්තයේ ක්‍රිස්තියානි සභාවත් බ්‍රිතාන්‍යයේ හා පොදුරාජ්‍ය මණ්ඩයට අයත් රටවල් ගිනි ගත්තා. ඔවුන් පැවසුවේ ඉන් කිරුළට අපකීර්තියක්, අගෞරවයක් අත්වන බවයි.
? අවසානයේ දී එඩ්වඩ් රජු හිත හදා ගත්තා. සිම්සන් නෝනාට ඇති ආදරය නිසා රජකමට ඇති ආදරය අත්හරින්නට තීරණය කළා.
? ඒ අනුව 1936 දෙසැම්බර් 11 වැනිදා සිහසුනෙන් ඉවත් වුණා.
? පසුව තම මුත්තණුවන්ට අයිති නිවසක සිටි එලිසබෙත් කුමරිය ඇතුළු ඇගේ දෙමව්පියන්ට බකිංහැම් මාලිගයේ ස්ථිර පදිංචියට යාමට සිදු වුණා.
? 1936 වසරේ දී සිහසුන අත්හැරීමෙන් ඇතිවූ අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස, සොහොයුරු වූ එලිසබෙත් කුමරියගේ පියා හයවැනි ජෝර්ජ් රජු ලෙස සිහසුනට පත් වුණා.
? හයවැනි ජෝර්ජ් රජතුමා ඒ පදවියට පත් වූ වහාම පළමු රාජකාරිය වශයෙන් කළේ හිටපු රජු වින්ඩ්සර් ආදිපාදවරයා ලෙස නම් කිරීමයි.
? එලිසබෙත් කුමරියගේ පියා රජකමට පත් වූයේ 1936 දීයි. කිසියම් හේතුවකින් අට වැනි එඩ්වඩ් රජු සිම්සන් නෝනා අත්හැර සිහසුන අත් නොහැර බාර ගත්තේ නම් ඔහුගේ අභාවයෙන් පසු 1972 දී රජකම හිමි වීමට උරුමය තිබුණේ ද එලිසැබත් කුමරියටමයි.
? එලිසබෙත් කුමරියගේ පියා වූ හය වැනි ජෝර්ජ් රජතුමා පිළිකා රෝගයකින් හදිසියේ 1952 පෙබරවාරි 6 වැනිදා මියයාම හේතුවෙන් ඇයට අවුරුදු 26 දීම රජකමට පත් වීමට අවස්ථාව උදා වුණා.
? ඒ නිසයි අද ඇය ලෝකයේ වැඩිම කාලයක් කිරුළ දැරූ රාජකීය තැනැත්තිය බවට පත් වන්නේ. එතුමිය තවමත් රජකම අත්හැර නැති නිසා ඇගේ මේ ලෝක වාර්තාව තවමත් අවසාන නැහැ.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |