සමහර හැඟීම් ඔබව කායිකව ලෙඩ කරන හැටි.
මනස කියන්නෙම හිතුවක්කාරයෙක්. එක මොහොතක් එක තැනක ඉන්න උත්සහ කරන්නේ නෑ. දුවන්නමයි බලන්නේ. දුවන මනස අල්ලගන්න ලේසි නැහැ. ඒ වගේම තවත් කෙනෙක්ට ඒක නවත්වන්න ලේසිත් නැහැ. හැබැයි ඒක කරන්න පුළුවන් ඔබට විතරයි. ඔබේ මනසේ තතප්රේට දෙකට සිතුවිලි ගණනාවක් එනවා යනවා. ඒ දේවල් පාලනය කරන්න එහෙමත් නැත්නම් ගැටගහලා ඔයාට ඕන විදිහට මෙල්ල කරගන්න උත්සහ කරන්න. මොකද සමහර සිදුවීම, මතකයන් හෝ වෙනසත් වේදනාකාරී හෝ වෛරීය සිතුවිලි තියෙනවා ඔයාගේ මනස විතරක් නෙවෙයි, කායිකවත් ලෙඩ කරවන. ඔයාට ඇති වන හැඟීම් නිසා ඔයාගේ කය දුර්වල කරලා ලොකු බලපෑම් එල්ල කරන්න පුළුවන්.
- ඊර්ෂ්‍යාව
😇 සාමාන්‍ය ඊර්ෂ්‍යාව යනු පුද්ගලයෙකු කනස්සල්ලට පත්වන විට හෝ ආදරය කරන කෙනෙකුව හෝ වෙනත් යමක් අහිමි වේ යැයි බියෙන් සිටින විට ඔහුට දැනෙන හැඟීමක්. සෘණාත්මක හැඟීමක් වන ඊර්ෂ්‍යාව ආතතිය වැඩි කරන අතර, හෘද ස්පන්දන වේගය වේගවත් කරමින් රුධිර පීඩනය වැඩි කරනවා.
😇 එය ඔබේ ආහාර රුචිය අඩු කිරීම, බර අඩු වීම හෝ වැඩිවීම, නින්ද නොයාම, ආමාශ ආබාධ ඇති කිරීම ආදියටත් බලපානවා.
😇 ඒ නිසා ඔබ මෙම හැඟීම් පාලනය කර ගත යුතුයි. ඒ සඳහා ඔබ ඔබව අන් අය සමඟ සංසන්දනය කිරීම නවත්වන්න.ඔබ ඔබවම විශ්වාස කරන්න. ඔබේම අනන්‍යතාවයක් ගොඩනගා ගන්න.
- උඩඟුකම
😇 තමන් ගැන ආඩම්බර වීම ගොඩක් හොඳ දෙයක්. හැබැයි සීමාව ඉක්මවා ආඩම්බර වීම එතරම හොඳ නැහැ. තමාට වඩා හොඳ කෙනෙක් නැත යන හැඟීම, අන් අය තමාට වඩා පහත් යන හැඟීම නිසා ඔබ මානසික ආතතියට පත් වෙන්න පුළුවන්. එවැනි අවස්ථා වලදී, ඔබ ඔබට වඩා කෙනෙක් දැක්කොත් ඊර්ෂ්‍යා කරන්න පවා පටන් ගන්නවා. මේ අයට සමාව ඉල්ලීම, කනගාටුව ප්‍රකාශ කිරීම ඉතා අපහසුයි. පරිපූර්ණවාදියෙකු වීමට උත්සාහ කරයි.
😇 මෙම තත්වය අජීර්ණ, බඩේ කැක්කුම, අධි රුධිර පීඩනය යනාදිය ඇති කරයි.කරනවා. ඒ වගේම මේ අයට සමාව ඉල්ලීම, කනගාටුව ප්‍රකාශ කිරීම ඉතා
😇 මෙම හැඟීම් මඟ හරවා ගැනීම සෞඛ්‍යයට හිතකරයි. සංවේදි වන්න, අන් අයගේ හැඟීම් තේරුම් ගැනීමට උත්සාහ සහ මිනිසුන්ව පිළිගන්න උත්සහ කරන්න. වැරැද්දක් පිළිගන්න දෙපාරක් හිතන්න එපා. ඔබ වැරදි නම් වැරැද්ද පිළිගෙන සමාව ඉල්ලන්න.
- කාංසාව
😇 කාංසාව කියන්නේ එතරම් හොඳ දෙයක් නෙවයි. හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරවන්නටත්, අක්මා රෝගය ඇති වෙන්නත් කාංසාව හේතු වෙනවා. එය මධ්‍යසාර නොවන මේද අක්මා රෝගයක් ලෙස හඳුනාගැනෙනවා. ඒ වගේම කාංසා තත්වයෙන් පෙළීම අක්මා රෝගයෙන් මිය යාමේ අවදානම සැලකිය යුතු ලෙස වැඩි කරනවා.
- සතුට
😇 කොච්චර කොහොම කළත් හැමදේකින්ම අපි හොයන්නේ සතුට. සතුට යහපත් සෞඛ්‍යයකට මඟ පාදන අතර හදවතේ සෞඛ්‍ය සම්පන්න බව ඉහල දමන්නටත්, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්නටත්, දීර්ගායුෂ හිමි වීමටත්, මානසික ආතතියෙන් මිදීමටත් හේතු වෙනවා. සතුටින් සිටීම නිරෝගී පුද්ගලයින් තුළ ඇති මරණ අවදානම 18% කින් සහ රෝග අවදානම 2% කින් අඩු කරනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |