හවුස් ඔෆ් ෆැශන් ගැටුමේ සීසිටීවි දර්ශන නිකුත් වෙයි.. (CCTV VIDEO)
CID - Sri Lanka Police
Sri Lanka Police
By Sithumi
බම්බලපිටිය හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ සිදුවූ ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් එම ආයතනයේ සීසීටීවී කැමරා දර්ශන සහිත වීඩියෝවක් සමාජ ජාල වෙත මුදාහැර තිබෙනවා.
ආයතන පැමිණි පාරිභෝගිකයෙකුගේ කලහකාරී හැසිරීම පාලනය කිරීමට සේවකයන් මැදිහත් වූ බවයි එම සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාලවල චෝදනා එල්ල වන්නේ ආයතනයේ සේවක පිරිසට වුවද ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.
අදාල නිවේදනයද පහතින් අමුණා තිබේ. එම පාරිභෝගිකයගේ වාහනය මහ ඇහිරෙන පරිදි දී වෙනත් වාහනයක් නවතා ඇතැයි ආයතනට දැනුම් දුන්නද වාහනයේ හිමිකරු සම්බන්ද කරගැනීමට ප‍්‍රමාද වීම හේතුවෙන් එම පාරිභෝගිකයා ආරක්ෂක නිලධාරියෙකුට පහර දී ඇති බව ඔවුන්ගේ නිවේදනයේ සදහන්.
එම අවස්ථාවේ ඇති වූ කලහකාරී තත්වය වළක්වාලීමට සේවකයන් මැදිහත් වූවක් වූ බව එහි තව දුරටත් දැක්වෙයි. එම සීසිටීවි දර්ශන පහතින්,