ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු මිය යයි..

By Sithumi May 22, 2023 04:31 PM GMT
Report

රත්මලාන ප්‍රදේශයේ හෝටලයක් තුළදී සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ දෙදෙනෙකු අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පිහි ඇනුම සිදුව ඇති බවයි.

පිහි ඇනුමට ලක්ව මෙලෙස මියගොස් ඇත්තේ අදාළ හෝටලයේ හිමිකරු බවට තොරතුරු වාර්තා වන අතර මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකළා.