උෂ්ණත්වය වැඩි වීමෙන් අධික අවදානමක් - ප්‍රචණ්ඩ රෝග රැසක් ඉහලට..!

Climate Change Weather
By Sewvandhi Apr 21, 2023 08:48 AM GMT
Report

විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සඳහන් කරන්නේ, පවතින උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මානසික ආතතිය ඇතුළු මානසික රෝග ඉහළ යා හැකි බවයි.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ හේතුවෙන් මිනිසුන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු විය හැකි බවය. එමගින් මිනිසුන් විවිධ අපරාධවලට යොමු විය හැකි බවද පෙන්වා දෙන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසන්නේ මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකළ යුතු බවය.

එමෙන්ම, මානසික රෝගවලට බෙහෙත් බොන පුද්ගලයින්ගේ පිපාසය අඩු බවත් ඒ නිසා ඔවුන් විජලනයට ලක් විය හැකි බවත් විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි. 

 එසේම අධික උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් දරුවන්ගේ සිතීමේ හැකියාව අඩුවිය හැකි බවත් එමගින් දරුවන්ට අධ්‍යාපනික ගැටලු ඇතිවිය හැකි බවත් පවසයි. 

 කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරන්නේ, මෙම තත්ත්වය මැයි මාසය අවසන් වන තෙක් පවතිනු ඇති බවය. දින කිහිපයක සිට පැවතෙන උණුසුම් කාලගුණික තත්ත්වය හුමවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව සිටී.

ගතවූ පැය විසි හතර තුළ වැඩිම උෂ්ණත්වය වාර්තා වුණේ පොළොන්නරුවෙනි. එය සෙල්සියස් අංශක 36.7 කි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, නිරිත දිග මෝසම සක්‍රීය වනතෙක් මෙම තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවය. උණුසුම් කාලගුණයෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින කාලසීමාවක ප්‍රදේශ කිහිපයකට ඊයේ පස්වරුවේ වැසි ඇද හැලුණි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now