මෙරට තුළ තවත් රෝගයක් ඉහළ යයි - ඉන් තුනෙන් එකක් තරුණ ප්‍රජාව..

Sri Lanka HIV Symptoms
By krishani Dec 02, 2022 11:15 PM GMT
Report

එච්.අයි.වී ආසාදිතයින් මෙම වසරේ  වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව වැඩි වීමක් පෙන්වා ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.

පසුගිය වසරේ ආසාදිතයින් 411 ක් වාර්තා වු අතර මේ වර්ෂයේ දී පසුගිය මාස 09 ක කාලය තුළ පමණක් ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇත.

එම අසදිතයන් 429 න් 148 ක් අවුරුදු 15 – 30 අතර වයස් කාණ්ඩයේ තරුණ පිරිස වන අතර ඉන් 08 දෙනෙක් කාන්තාවන් වේ.

නොමිලේ ප්‍රතිකාර ලබාදීමට හා උපදේශන සේවාවන් සදහා ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් දිවයින පුරා රෝහල් වල ක්‍රියාත්මක වන අතර ඉන් සායන 30 ක් එච්.අයි.වී සදහා වෙන් කර ඇත.

විනාඩි 20 ක කාලයක් තුල දී එච්.අයි.වී ප්‍රතිඵල ලබා ගත හැකි ක්ෂණික පරීක්ෂණ හෙවත් රැපිඩ් පරීක්ෂණ සිදුකර ගත හැකි ස්වයං පරීක්ෂණ සදහා අවශ්‍ය උපකරණ නොමිලේ ලබාගත හැකි ය.

අවශ්‍ය අයෙකුට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය ඇමතීමෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ද අදාල උපකරණ ඇණවුම් කිරීමට හැකියාව පවතියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join