සංචාරකයෙකුට පාර දිගේ එලවමින් අතින් පයින් පොලුවලින් ඉතා බිහිසුණු ලෙස පහර දෙයි..

Sri Lanka Sri Lanka Police Investigation Tourism
By Sewvandhi Mar 20, 2023 04:32 PM GMT
Report

සංචාරක හෝටලයක කාමරයක් ගෙන ලැගුම්ගෙන සිටි සංචාරකයෙකු ලබාගත් ආහාර පාන සඳහා මුදල් නොගෙවූ බව පවසමින් ඔහුට අතින් පයින් හා පොල්ලකින් පහර දීමේ පුවතක් වාර්තා වනවා.

ඒ පොතුවිල් ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි ස්වීඩන් ජාතික සංචාරකයෙකුටයි.මේ වන විට එම හෝටලයේ සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.

පහරකෑමට ලක්වූ මෙම සංචාරකයා තම දිවි බේරා ගැනීමට පොතුවිල් මහා මාර්ගය හරහා රාත්‍රියේදී දිව යාමේදී මෝටර් රථයක ගැටී තුවාල ලබා පොතුවිල් රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

පහර දෙන අවස්ථා වනවිට මෙම සංචාරකයා සතුව තිබූ යුරෝ 300ක් සහ ජංගම දුරකථනයක් ද අස්ථානගත වී ඇතැයි ඔහු කළ පැමිණිල්ලේ සඳහන් පොලිසිය කියා සිටියි.

පහර දුන් බව කියන පුද්ගලයන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වමින් සිටියි.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now