Travelersලගේ ජනප්‍රිය කඳු පන්ති 3ක් වටා ගෙතුණු පුරාවෘත්ත.
ලංකාවේ ගොඩක් දෙනෙක් travel කරන්න ආසා කඳු පන්ති එහෙමත් නැත්නම කඳු කිහිපයක් වටා ගෙතුණු ජනප්‍රවාද සහ පුරාවෘත්ත ගැන රසබර කතා ටිකක් ගැනයි මේ කියන්න යන්නේ.
ලකේගල කන්ද
?️ රාවණා රජතුමාට ලංකාව පිහිටි දිශාව පෙන්වන සලකුණක් හැටියට මේ ගල යොදාගත්ත නිසා ලකේගල නමින් හැඳින්වූ බව සඳහන්.
?️ ලකේගල ගැන පට බැඳිලා තියෙන හරිම අමුතු එහෙත් ගුප්ත ගුණයෙන් අනුන තවත් කතන්දරයක් තිබෙනවා.
?️ රාවණා රජ්ජුරුවන්ගේ මාලිගාව තිබිලා තියෙනවා කියලා කියන්නේ ලග්ගල හෙවත් අද ලකේගල කියලා බොහෝදෙනෙක් කියනවා.
?️ ඒ වගේම මේ ලකේගල අද තියෙනවට වඩා ගොඩක් උසින් තිබුන බවත්, ලකේගලට කිලෝමීටර් 24 දුරින් පිහිටපු යුදඟනාපිටියේ දුනුවිල කියන තැන සිට රාම රජු විසින් “රාම සැරයක්” යවලා ලකේගලින් විශාල කොටසක් කැඩිලා ඒ සමඟ රාවණ රජතුමාගේ මාලිගාවත් විනාශ වුන බව කියවනවා.
?️ එමෙන්ම මේ රාම හීසැරය යවන්නට දුන්න බිම තියලා හී සැරය යවන විට එම ස්ථානයේ විශාල වලක් සැදුණු බවත් එම වල “දුණු විල” නමින් හඳුන්වන බවත් සඳහන්.
?️ මේ ප්‍රවාදය අනුවා රාම -රාවණ යුද්ධය සිදුවුයේ මාතලේ ප්‍රදේශයේ රණමුරේදී බවත්, එකල වූ මහා මුර පොළ “මී මුරේ” නමින් හඳුන් වන බවත් කියැවෙනවා.
රූමස්සල
?️ රූමස්සල ගැන කතන්දර කිහිපයක්ම තියෙනවා.
?️ රාම රාවණා යුද්ධයේදී රාම කුමාරයාගේ සහෝදරයා එනම් “ලක්ෂ්මන්” ගේ තුවාලයක් හොඳ කරන්න සංජිවනි කියලා ඖෂධයක් උවමනා වෙලා තියෙනවාලු.
?️ ලංකාවෙන් මේ බෙහෙත හොයාගන්න විදියක් නැති වුනාම රාමගේ සෙනවියෙක් වෙන හනුමාන්තාව හිමාලයට යවලා තියෙනවා මේ බෙහෙත හොයාගෙන එන්න.
?️ මෙහෙම බෙහෙත් හොයන්න ගිය හනුමන්තාට බෙහෙත් පැළෑටියේ නම අමතකවීම නිසා ඔහු විසින් හිමාල පර්වතයෙන් කොටස කඩාගෙන ලංකාවට ඇවිල්ලා තිබෙනවාලු.
?️ තමන්ට අවශ්‍ය බෙහෙත ලබාගත් රාම කුමාරයා, ඉතිරිය නැවත එම පර්වත කොටස ආපහු හිමාලයට රැගෙන යන්න කියලා අණ කරලා.
?️ ඒ අණ අනුව නැවත හිමාලය වෙත යන අතරේදී හනුමන්තාගේ ඇඟිලි අතරින් පස් කොටසක් ලංකාවේ යම් තැනකට හැලිලා තිබෙනවාලු.
?️ එසේ පස් හැලුණු තැන රූමස්සල නමින් හඳුන්වනවා කියලා තමයි කියන්නේ.
?️ ඒ වගේම රූමස්සල නම හැදෙන්න කලින් ප්‍රපාතය අසල එක්තරා ගලක් තිබිලා තිබෙනවා.
?️ අතීතයේ මේ ගල මතට මසුන් මරන්නන් රැස් වෙලා එදිනෙදා විස්තර කතා කරන තැනක් බවට පත් වෙලා තිබෙනවාලු.
?️ එලෙස රාත්‍රියට මස් මරන්නන් රැස් වෙන ගල කියන තේරුමින් හැදුණු රෑ මස්සගල , රූමස්සල බවට පත් වුනා කියලත් කියනවා.
?️ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මහතා නම් කියන්නේ මෙය වසර කෝටි ගණනකට එපිටින් කඩාවැටුණු උල්කාපාතයක් නිසා හැදුණු පරිසරයක් බවයි.
රිටිගල
?️ හබරණ අනුරාධපුර මාර්ගයේ යන කෙනෙක්ට පෙනෙන අති විශාල කඳුපන්තිය තමයි රිටිගල නමින් හඳුන්වන්නේ.
?️ අතීතයේ රහතන් වහන්සේලා භාවනා කටයුතු කල සෙනසුනක් ලෙස භාවිතා කරත්, වර්තමානය වෙනකොට නම් පුරාවිද්‍යා වටිනාකමින් යුතු රක්ෂිතයක් ලෙසයි නම් කරලා තියෙන්නේ.
?️ බෙහෙත් කන්ද – රාවණ රජතුමා විසින් පැහැරගෙන ආපු සීතාව සොයාගෙන ආපු රාම රජුගේ සොහොයුරු ලක්ෂ්මන් කුමරා අතරමගදී රෝගාතුර වී තිබෙනවා. ඒ අවස්ථාවේදී ලක්ෂ්මන්ගේ සහයට පැමිණි හනුමන්තා විසින් රෝගය සුවකරන්නට බෙහෙත් සපයාගන්නට හිමාලයෙන් කොටසක් කඩාගෙන එන විට එයින් කොටසක් කැඩිලා ගිහින් රිටිගල යාව තියෙන කඳු පිහිටලා තියෙනවා කියලා ජනප්‍රවාදයේ කියනවා. ඉන් එක කොටසක් රූමස්සල කන්ද ලෙසත් ඉතුරු කොටස රට මැදට වෙන්න පිහිටලා තිබෙන දොළු කන්ද විදිහටත් හඳුන්වනු ලබනවා.
?️ රිටිගල ජයසේන – අහලා තියෙනවද මහසෝනා ගැන? මහසෝනා කියන්නේ ලංකාවේ අද්භූත සාහිතයේ අද්විතීය තැනක් වෙන් කරගත් රාක්ෂසයෙක් වුනාට ඔහු මිය යන්නට පෙර දුටුගැමුණු රජුගේ සෙන්පතියෙක් ලෙස සේවය කල අයෙක්. ඔහු මියෙන්නට පෙර නම රිටිගල ජයසේනයි. ඔහු ජිවත් වෙලා තිබෙනවා කියන්නේ මේ කඳුකරය ආශ්‍රිතව තමයි.
?️ රජුන්ට සෙවණක් – ඒ වගේම මහාවංශය රචනා කරපු මහානාම හාමුදුරුවෝ රිටිගල ගැන තොරතුරු බොහොමයක් තමන්ගේ ලියමන් වලින් හෙළි කරනු ලබනවා. උන්වහන්සේ රචනා කර ඇති අන්දමට පර සතුරු ආක්‍රමණ වලදී අපේ රජවරු සේනා සංවිධානය කරන්නට රිටිගල කඳු මුදුන භාවිතා කරලා තියෙනවා.
?️ මේ බව රිටිගල ආශ්‍රිතව තවමත් පිහිටලා තියෙන සේනාදිරියාගම වගේ අති පැරණි ගම වල නම් වලින් සිතා ගන්නට පුළුවන්. පණ්ඩුකාභය කුමාරයා තමන්ගේ මාමාවරුන්ට එරෙහිව සේනා සංවිධානය කලේ මේ රිටිගල කඳු පන්තියේදීයි.
?️ එමෙන්ම ජෙට්‌ඨතිස්‌ස කුමාරයා ක්‍රි.පු. තෙවැනි සියවසේදී සේනා සංවිධානය කරන්නෙත් මේ කඳු වලල්ලේදීම තමා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |