විවාහ වුනාට මම තාම ඉස්කෝලේ ගිහින් ඉවර නැහැ, ඔහු මාව තේරුම් අරගෙන මට සහයෝගය දෙන සැමියෙක්-හිරුෂි පෙරේරා (PHOTOS )
මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියලා කියන්නේ.
ඒ වගේම ඇය පහුගිය කාලයේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ඇය දවසක කලා ක්ෂේත්‍රයේම ඉන්න ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු සමග විවාහ ජීවිතයට එළැඹුණා. ඉතින් ඇයගේ ආදර කතාව වගේම අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුනේ. ඉතින් ඇය කලාවට ඇවිත් කලා ලෝකෙ කෙනෙක් එක්කම විවාහ වුණා කියලයි හිරුෂි කියන්නේ
. ඔහුගේ නම තමයි තීක්ෂණ මනරම්. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. හැබැයි ක්ෂේත්‍රයට එන්න කලින් තමයිලු ඇයට තීක්ෂණව හම්බ වුනේ. ඒ ඇය ක්ෂේත්‍රයට එන්න කලින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරද්දී ඔහුත් රැකියාව කළේ සංචාරක ක්ෂේත්‍රයේ නිසා.
ඉතින් සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරද්දි තමයි ඔවුන් දෙන්නා මුලින්ම හම්බ වෙලා තියෙන්නේ. හැබැයි ඔවුන් දෙන්නා දැන අඳුරගෙන හරියට කතාබහ කළේ කලා ක්ෂේත්‍රයට ආවට පස්සෙ කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදිහට කරපු කතාබහ තමයි විවාහය දක්වා ඇවිත් තියෙන්නෙ.











