"..මම දන්නෙත් නෑ විවාහ වෙනකොටම දරුවෙක් පිලිසිදගෙන කියලා.මට යන යන තැන වමනේ ගියා..එයාලත් හිටියනම් අද 5 දෙනෙක්.." – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - (PHOTOS)

Sri Lanka Politician Sri Lanka Gossip Today
By Sewvandhi Feb 17, 2023 03:39 PM GMT
Report

දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නොඇසෙන වාරයක් නොමැති තරම්. ඇය නමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා කියන චරිතයට අද වෙද්දි බොහෝ දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. ඒ දේශපාලන භූමිකාව තුළ ඇය කුමන ආකාරයේ චරිතයක් වුණත් පෞද්ගලික ජීවිතය තුළ ඇය ආදරණීය දරුවන් තිදෙනකුට සෙනෙහෙබර මවක් වෙමින් කාලය ගත කරන නිසයි.

හිරුනිකාගේ ආදරණිය සැමියා තමයි හිරාන්. ඉතින් මේ හිරුනිකාගේ පුංචි කැදැල්ලේ ඔබ මෙතෙක් නොඇසූ ඇය මෙතෙක් ප්‍රසිද්ධියේ නොපැවසූ කතාවක් ගැන තමයි මේ කියන්නේ. ඇයගේ දරු ප්‍රසූතිය පිළිබඳව කතාකරද්දී මුලින්ම හිරුණිකා උපත දෙන්නෙ ආදරණීය පුතෙකුට. නමුත් ඊටත් කලින් ඉඳන් ඇය අවාසනාවන්ත සිදුවීම් කිහිපයකට මුහුණ දුන් බව සඳහන් වනවා.

“මට පුතා හම්බ වෙන්න කලින් දරුවෝ දෙන්නෙක් හම්බවෙන්න හිටියා. ඒ දෙන්නම නැති වුණා. මම හිරාන් එක්ක විවාහ වුණේ ජූලි 6. අගෝස්තු තමයි ඡන්දෙ තිබ්බේ. විවාහ වෙච්ච ගමන්ම දරුවා පිළිසිඳගෙන තිබුණා. මම දැනගෙන ඉඳලා නෙවෙයි කැම්පේන් එක කරේ. මට වෙන campaign වලට වඩා ඒ campaign එක හරි අසීරු වුණා. යන යන තැන වමනය යන්න පටන් ගත්තා. යන යන තැන කලන්තෙ දාන්න පටන් ගත්තා. රැස්වීම් මම මග හැරියා. නමුත් මම හිතුවේ නැහැ හීනෙකින් වත් මම දරුවෙක් පිළිසිඳගෙන කියල.අවසානයේ මම හිතන්නේ අගෝස්තු 17ද කොහෙද ජන්දේ තිබ්බේ. එදා ඡන්ද ප්‍රතිඵල එද්දි මම නිකමට ටෙස්ට් එකක් කළා. එදා රාත්‍රියේ තමයි මම දැනගත්තේ මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා.

ඉතින් ඒ කාලේ ඒකෙ මහන්සියත් එක්ක ටික දවසක් යනකොට මගේ දරුවා නැතිවුණා. ඊළඟට ආයෙත් සැරයක් ඒ වගේ වුණා. ඉතින් එතනින් පස්සෙ මම ගොඩක් බය වුනා. එතකොට තුන්වැනි දරුවා හම්බ වෙද්දි ඒ කියන්නේ මගේ දැන් ඉන්න පළවෙනි දරුවා හම්බ වෙද්දි මම ගොඩක් පරිස්සම් වුනා. මම මේ කරන රැකියාවත් එක්ක මට නිතරම ඇවිදින්න යන්න සිද්ධ වෙනවා.ඒකත් එක්ක වෙන්න ඇති ගොඩක් වෙලාවට පළවෙනි දරුවා අහිමි වෙන්න ඇත්තේ. ඉතින් මට තේරෙන කාලේ ඉඳන් හැමදාම මට දරුවෝ පස් දෙනෙක් ඕනේ උනා. දැන්නම් මට ආයේ දරුවන් හදන්න බැරි වෙයි. හැබැයි මම හිතනවා අර දෙන්නා ජීවත් වෙලා හිටිය නං අද මට දරුවෝ පස් දෙනෙක්.”

ඉතින් ඒ සංවේදී කතාව පිළිබඳව හිරුණිකා අදහස් දැක්වූයේ ඒ විදිහටයි. ලැබෙන සියලුම දේවල් පින් පව් අනුව තීරණය වන නිසා ජීවිතය ගැන ඇය කලකිරෙන නැතුව දරුවන් තුන් දෙනා සමග සමඟ සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලත් සඳහන් කළා. ඉතින් ඒ ජීවිතය ඒ විදිහටම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම අපි හදවතින් ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.(උපුටාගැනීමක්)


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGalleryGallery