ශ්‍රී ලංකාවට තවත් ගුවන් තොටුපළක්..!

Sri Lanka Airport Nimal Siripala De Silva Sri Lanka
By Sewvandhi May 03, 2023 03:12 PM GMT
Report

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර තුළ ඇති ගුවන්තොටුපොළ ජාත්‍යන්තර සිවිල් ගුවන්තොටුපොළක් ලෙසට සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. ගුවන් හමුදාව මගින් එහි පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු මේ වනවිට සිදුකරනු ලබයි.

අද (03) පෙරවරුවේ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක්  එම අමාත්‍යාංශයේදී සිදුකර ඇත.

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ දැනට මීටර් 2287ක දිගින් යුතු ධාවන පථය මීටර් 2800ක් පමණ දිගු කිරීම, මේ සඳහා පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම, ගුවන්යානා අංගනයක් ඉදිරිකිරීම, ගුවන් නාවික මෙහෙයුම් පද්ධතියක් සැකසීම, ගුවන් පාළක කුළුණක් ඉදිකිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදී මූලික අත්‍යවශ්‍ය ඉදිකිරීම් සිදුකිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බවය.

මෙම තීරණය සමඟ පොලොන්නරුව සීගිරිය අනුරාධපුරය දඹුල්ල වැනි නගර වෙත පැමිණෙන විදෙස් සංචාරකයින්ට පහසුවක් හිමිවනු ඇති බවට රජය විශ්වාසය පළකරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now