ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව ඉහළට. - අධි අවදානම් කලාප මෙන්න.

Sri Lanka Ministry of Health Sri Lanka Dengue Prevalence in Sri Lanka
By Wayomi Apr 29, 2023 08:55 AM GMT
Report

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 15 ක් මිය ගොස් ඇති බවත්, මේ වන විට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 29,000ක් ඉක්මවා ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ, අනුව වැඩිම රෝගීන් පිරිසක් බස්නාහිර පළාතෙන් වන අතර එය 49% ක්.

මේ අතර දිස්ත්‍රික්ක 15ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 55ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවට අනුව එම දිස්ත්‍රික්ක වන්නේ, කොළඹ , ගම්පහ , කළුතර , මහනුවර , මාතලේ , හම්බන්තොට , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයි.

එමෙන්ම යාපනය , මඩකලපුව , ත්‍රිකුණාමලය , පුත්තලම , කුරුණෑගල , කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොට්ඨාස ද ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

මේ අතර, බස්නාහිර පළාතේ සියලු ප්‍රදේශ අවධාරණය කරමින් පසුගිය 26 වැනිදා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කර ඇති අතර එය ලබන මස 02 වැනිදා දක්වා පැවැත් වෙනු ඇති.

ඒ, අනුව මෙම වැඩසටහනට සමගාමීව අද සිට බස්නාහිර පළාතේ නිවාස පරීක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇති අතර එහිදී ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන යන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගැනීමට‍යි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ..    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW