ළඟදීම රට වැහුවොත් මාසෙ පඩියත් නැතිවෙයි...හේමන්ත හේරත් ගෙන් දැනුම් දීමක්.

Sri Lanka Lock down Healthy Hemantha herath
By Aruna Jan 29, 2022 10:59 PM GMT
Report

කොවිඩ් ව්‍යාප්තියේ ඉහළ යෑම නිසා ඉදිරියේදී යම් හෙයකින් රට වසා දැමීමකට ලක් වුව හොත් මාසික වේතනය ලබාගන්නා පුද්ගලයන්ට ද ගැටලුවක් ඇති විය හැකි බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

එවැනි තත්ත්වයකට රට පත් නොකිරීම සඳහා ජනතාව පූර්ණ එන්නත්කරණයට යොමු වී සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කළ යුතු බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

වඩා වැදගත් වන්නේ පැතිරෙමින් පවතින්නේ කුමන වයිරස් ප්‍රභේදය ද යන්න නොව සෞඛ්‍ය ආරක්ෂිතව කටයුතු කිරීම බව ද ඒ මහතා කීය.

කොවිඩ් ආසාදිතයන් 942ක් පෙරේදා වාර්තා වූ අතර එවැනි ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමක් සිදු වූයේ මාස හතරකට පමණ පසුව බව ද හෙතෙම පැවසීය.

මේ දිනයන්හි ඔමික්‍රොන් වයිරස් ප්‍රභේදය රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේයැයි ද, කොවිඩ් මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමට සැමදෙනා හිතට ගත යුතු යැයි ද ඒ මහතා කියා සිටියේය.

මේ වන තෙක් කොවිඩ් තුන්වැනි මාත්‍රාව නොගත් අය ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ ප්‍රධාන රෝහලකට ගොස් එන්නත ගන්නා ලෙස ද ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now