මෙරට ප්‍රධාන රෝහලක උග්‍ර ප්‍රශ්ණයක්.. රෝහල් 04කට හරවා යවයි..

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Apr 19, 2023 06:56 AM GMT
Report

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් නොමැති බැවින් අත්‍යවශ්‍ය හා හදිසි ශල්‍යකර්ම සිදුකළ යුතු රෝගීන් හා දැඩි සත්කාර ඒකකයේ තැබිය යුතු රෝගීන් ප්‍රධාන රෝහල් හතරක් වෙත යැවීමට එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.ඒ. එම්.ඩබ්ලිව්.එස්. බණ්ඩාර මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව කරාපිටිය, මාතර, හම්බන්තොට හා රත්නපුර රෝහල් වෙත එම රෝගීන් මාරු කර එවන බව දන්වමින් රෝහල් අධ්‍යක්ෂවරයා එම රෝහල් හතරේ අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක්  ද යොමු කර ඇත.

මේ අතර, එම රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් නොමැති නිසා අත්‍යවශ්‍ය හා හදිසි සැත්කම් සිදුකළ යුතු රෝගීන් එම රෝහලට එවීමෙන් වළකින්නැයි ද ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂවරයා රත්නපුර, මොනරාගල හා හම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ.

නිර්වින්දන වෛද්‍යවරුන් නොමැති බැවින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය යුතු රෝගීන් එවීමෙන් ද වළකින්නැයි වෛද්‍ය බණ්ඩාර එම අධ්‍යක්ෂවරුන් වෙත යැවූ ලිපියෙන් ඉල්ලා තිබේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now